මුහුදු කොල්ලකරුවන්ට හසු වූ බහුදින ධීවර යාත්‍රාව සෙවීමේ මෙහෙයුම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන ගිය ලොරෙන්සෝ පුතා හතර බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස රටවල් 39කින් සැදුම්ලත් බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම් දී ඇති බව නාවික හමුදාව පවසයි.

පසුගිය 12 වනදා, ලොරෙන්සෝ පුතා හතර බහුදින ධීවර යාත්‍රාව හලාවත දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති, එහි සිටි ධීවරයින් 6 දෙනෙක් සමග එම යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

මෙරට මුහුදු සීමාවේ සිට නාවිකා සැතපුම් 1160 ක දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී එම පැහැර ගැනීම සිදු වු බවටයි වාර්තා වන අතර, පැහැර ගැනීමට ලක්වු ධීවරයින් බේරා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව බලධාරීන් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...