ලංකාට සහ නිදර්ශනීට ඩකාවලින් ටකා ලක්ෂ ගණනක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 29 කොළඹ (LNW): ලංකා ආරියදාස සහ නිමේශා නිදර්ශනී බංගලාදේශයේ පැවති Sheikh Mujib Dhaka මැරතන් තරගයේ දකුණු ආසියානු කළාපයේ තෙවන සහ සිව්වන තැන් දිනා ගන්නට සමත් වුණා.කාන්තා අංශයේ කළාපීය පළමු සහ දෙවන ස්ථාන දෙකම නේපාලයට දිනා දෙන්නට සංතෝශී ශ්‍රේෂ්තා සහ පුෂ්පා බන්ධාරි සමත් වුණා.එහිදී සංතෝශි 2019 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මීටර් 10000 ඉසව්ව ජයගත් ක්‍රීඩිකාව වුව ද,මැරතන් තරගයකට ඉදිරිපත් වූ පළමු අවස්ථාව වුණා.ඇය එම පළමු අවස්ථාවම නව නේපාල වාර්තාවක් තබමින් පැය 2:46:22 නිමා කිරීමට සමත් වූ අතර කාන්තා මැරතන් වාර්තිව ඒ දක්වා දරා සිටි පුෂ්පා බන්ධාරි දෙවැන්නිය ලෙසට තරගය නිමා කළේ පැය 2:49:34 ක කාලයක් ගත කරමින්.
ලංකා ආරියදාසට තෙවැන්නිය ලෙස තරගය නිමා කරන්නට පැය 2:55:28 ක කාලයක් ගත කළ අතර සිව්වැනි තැන ලැබූ නිදර්ශනී 3:00:54 ක කාලයක් ගත කරමින් ඉසව්ව නිමා කළා.ලංකාට බංගලාදේශ මුදල් ඒකකය වන ටකා වලින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද,නිදර්ශනී ට ටකා එක් ලක්ෂ පනස් දහසක මුදලක් ද හිමි වුණා.මේ මොහොත වන යිට ටකා එකක් ශ්‍රී ලංකා රුපියල් 2.90 ක වන අතර ඒ අනුව ලංකාට ලක්ෂ හයකට ආසන්න මුදලක් ද,නිදර්ශනීට රුපියල් හාර ලක්ෂ පනස් දහසකට ආසන්න මුදලක් ද හිමි වෙනවා.


තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් සහ ක්‍රීඩිකාවන් තිදෙනෙක් එක් වුණු අතර ලංකා සහ නිදර්ශනී හැරුනු විට සෙසු ක්‍රීඩකයින් දකුණු ආසියානු කළාපයෙන් අත් කර ගත් ස්ථාන සහ කාලයන් පහත දැක්වෙනවා.

කාන්තා
දිල්හානි ලියනගේ හයවන ස්ථානය කාලය පැය 3:14:00


පිරිමි
නිමල් කරුණාරත්න අටවන ස්ථානය කාලය පැය 2:26:54
තලාවරිගේ රත්නපාල දහවන ස්ථානය කාලය පැය 2:34:27
එම්.සිවරාජන් එකළොස්වන ස්ථානය කාලය පැය 2:36:16

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...