ශ්‍රී ලංකාවේ අවුරුදු හතරක දරුවන්ගෙන් 30%කට පෙර පාසල් අධ්‍යාපනයක් නෑ – අධ්‍යාපන අමාත්‍ය

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව දැනට ක්‍රියාත්මක වන සියලුම පෙර පාසල්වල වයස අවුරුදු තුනත් පහත් අතර දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය සඳහා එකම රාමුවක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ අවුරුදු හතරක දරුවන්ගෙන් සියයට 30ක් පෙර පාසල් අධ්‍යාපනයට නොයන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සංඛ්‍යා ලේඛනයක් මඟින් පහැදිළි කර සිටියේය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම සඳහා අමාත්‍යාංශයේ නායකත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ක්‍රියාත්මක කරන පුහුණු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේ පෙර පාසල් 19,000ක පෙර පාසල් ගුරුවරුන් 34,000ක් මුල් ළමාවිය සංවර්ධන කටයුතුවල නිරතව සිටිති. ඔවුන් අතර විධිමත් පුහුණුවක් ලැබූ පෙර පාසල් ඩිප්ලෝමාධාරීන් සිටින්නේ 6000ක් පමණක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් මුල් ළමාවිය සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන නමුත් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මෙතෙක් නිසි අවධානයක් යොමු වී නොමැත.

2025 වන විට සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ නම් පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය ද ඊට අනුගත විය හැකි අයුරින් සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.

එබැවින් පෙරපාසල්, ජාත්‍යන්තර පාසල් මගින් ක්‍රියාත්මක වන පෙරපාසල්, රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල් මඟින් ක්‍රියාත්මක වන පෙරපාසල්, පළාත් සභා මට්ටමින් ක්‍රියාත්මක වන පෙරපාසල් සහ සියලුම පෙර පාසල්වල පොදු විෂය රාමුවක් පවත්වාගෙන යාමට රජය විසින් ක්‍රියාත්මක කරන ජාතික මට්ටමේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වේ.

මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ යම් යම් සුවිශේෂතා තිබිය හැකි වුවද ප්‍රධාන අරමුණු සමඟ ඒකාබද්ධ වූ පොදු විෂය රාමුවක් ක්‍රියාත්මක කිරීම අවධාරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් ! (VIDEO)

ඉරානය විසින් ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවරට සහ ටෙල් අවීව් නගරයට...

මැදවච්චියේ සභාපති මාලිමාවෙන්, උප සභාපති පොහොට්ටුවෙන් !!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන...

අශෝක ජයතුංග e කොළම.

🍎ජර්මන් ගමනේ අපැහැදිලි යටි අරමුණු.....? 🍎ජර්මන් නායක චාන්සලර් වෙනුවට නාමමාත්‍රික...

ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර...