*
Friday, October 18, 2024
spot_img

Latest Posts

හැමෝම කතාවෙන්නෙ අපි ගැන, හැමෝගෙම මාතෘකාව අපි – අනුර

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): පද්ධතියම කඩා වැටුණු රටක, එක දෙකකට උත්තර සෙවිය නොහැකි බවත්, සියළුම ක්ෂේත්‍රයන් නැවුම් අරමුණුවලින් පුරවාගෙන පරිවර්තනය කලයුතු බවත්, අලුත් සමාජ පරිවර්තනයක් අවශ්‍ය බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ පරිවර්තනය අත්පත් කර ගැනීම පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක පමණක් කාර්යභාරයක් නොවන බවත්, සියලු ජනතාව එක හුස්මට එකට නැගිට ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ප්‍රවෘත්ති බැලුවාම අපිට පේන්නේ අපි ගැන ඒ ගොල්ලෝ කරන කතා. අපේ පාලනයක් යටතේ අපි කරන දේවල් ගැන කියන්නෙත් ඒ ගොල්ලෝ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇවිත් අපි එක්ක කතා කළ දේවල් ගැන කියන්නෙත් ඒ ගොල්ලෝ. ඔවුන්ගේ තැතිගැන්ම සහ බිය මේවාගෙන් පැහැදිලියි. ඊට අමතරව අවලාද, අසත්‍ය තොරතුරු, සමහර අයගේ තර්ජන වගේ ගොඩක් දේවල් තිබෙනවා. අද ඉඳන් ඒවා තවත් වැඩිවෙයි. කළුතර දිස්ත්‍රික්කයෙන් එකතු වී සිටින කාන්තා ජන ගඟ දිහා බැලුවාම ඔවුන් තවත් භීතියට පත්වෙනවා, අවලාද ගහනවා. අපේ රටේ වංචාවේ කෙළ පැමිණි, අපරාධවල ආරක්ෂකයන් වූ, මහජනයාගේ ධනය ප්‍රකෝටි ගණන් සොරකම් කර, ඒ හා බැඳුණු පාතාලයක් නිර්මාණය කළ, ඒ හා බැඳුණු චෞර වළල්ලක් නිර්මාණය කළ අපේ රටේ දුෂ්ටතම කඳවුරට විරුද්ධවයි අපි මේ දේශපාලන පෙළගැස්ම ඇතිකර තිබෙන්නේ. රට විනාශ කළ, ජනතාව දුකෙන් දුකට පත් කළ, පීඩාවෙන් පීඩාවට පත් කළ, විනාශකාරී කඳවුරට එරෙහිව අපි මේ කඳවුර නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා ඔවුන් බලය නිකම්ම අත්හරින්නේ නැහැ. අපි පරාජය වූ අවස්ථාවලදී පසුදා සිටම යළිත් දේශපාලනය කරමින් ආවා. ඒ ගොල්ලන් පැරදුණොත් ඔවුන්ට සියල්ලම අහිමි වෙනවා.

ඒ නිසා අවසානය දක්වා අපේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා ඔවුන් කටයුතු කරනවා. එකතු විය හැකි ඕනෑම වර්ගයේ කණ්ඩායමක් එකට වේදිකාවට නගිනවා. රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා හවුලක් නොබෝ දිනකින්ම එනවා. රනිල් වික්‍රමසිංහට එරෙහිව අවලාද නැගූවන් පවා ඒ කණ්ඩායමට එකතු වෙනවා. නැගෙමින් එනප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය පරාජය කරන්න තව සමහරක් එක වේදිකාවේ නොවුණාට වේදිකා දෙකක සිට එකම වැඩේ කරන්න පටන් ගන්නවා. ජනතාවගේ, මාතෘ භූමියේ සතුරන් තමන්ගේ එකම විරුද්ධවාදියා ලෙස ජාතික ජන බලවේගය තෝරාගෙන තිබෙනවා. ඒ සෑම තර්ජනයකින්ම, අවලාදයකින්ම, සතුරාගේ සෑම ක්‍රියාදාමයකින්ම අපිට තවත් ශක්තිය ධෛර්යය, සහ විශ්වාසය ගේනවා. මේ අවුරුද්දේ පරිවර්තනය සිදු කරන්න අපි සූදානම්. එය කළ හැකියි. අපේ රටේ කාන්තාව දේශපාලනික වශයෙන් සක්‍රීය නොවෙන තත්වයකට පත්කරන්න ඔවුන් හැමදාම කල්පනා කළා. ඒ වගේම කාන්තාවන් මුලාකරන්න රැවටීමට ලක්කරන්න පුළුවන් කියලා ඒ අය කල්පනා කළා. කාන්තාවන් දේශපාලනයෙන් නිෂ්ක්‍රීය කර, බබෙක් වඩාගෙන, මහ පොළොව ඉඳලා කාන්තාවන්ව රවටන්න පුළුවන් කියලා කල්පනා කළා. නමුත් අද ලංකා ඉතිහාසයේත් මැතිවරණ ඉතිහාසයේත් ප්‍රබලතම කාන්තා නැගිටීම ජාතික ජන බලවේගය හරහා සිදු කර තිබෙනවා.

අපේක්ෂා පෙරදැරි කරගත් මේ මුහුණුවලින් පෙන්වන්නේ අත් නොහැර ජයග්‍රහණය දක්වාම තම කාර්යභාරයට උරදෙන බවයි. බලය හුවමාරුකර ගැනීමේ ජාතික මැතිවරණයක් මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම එනවා. ආසන්න වශයෙන් මාස හතක් අටක් තුළ ගෙවෙන අපේ ජීවිත කාලයේ වැදගත්ම පරිච්ඡේදය එළඹී තිබෙනවා. අන්කවරදාටත් වඩා වැඩියෙන් අපි හැමකෙනාම ඇහුම්කන් දෙමු. අවදිවෙමු. සක්‍රීය වෙමු. සහතික වශයෙන් ජයග්‍රාහී ලෙස මේ වැඩේ නිමාකරන්න පුළුවන්. අපි දේශපාලන බලය අත්පත් කර ගැනීම අවසානය නොවෙයි. මේ රට වෙනස් කිරීමේ ආරම්භයයි. පද්ධතියම කඩා වැටුණු රටක එක, දෙකකට උත්තර සොයන්න බැහැ. සියලුම ක්ෂේත්‍රයන් නැවුම් අරමුණුවලින් පුරවාගෙන පරිවර්තනය කරන්න ඕනෑ. අලුත් සමාජ පරිවර්තනයක් ඕනෑ. ඒ පරිවර්තනය අත්පත් කර ගැනීම පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක විතරක් කාර්යභාරයක් නොවෙයි. සියලු ජනතාව එක හුස්මට එකට නැගිට ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියා කළ යුතුයි. ඒ නිසා යළි නඟා සිටුවීම මුළු ජනතාවගේම වැඩක්. ඒ වෙනුවෙන් හැමදෙනාම අවදි කර හැමදෙනාම ක්‍රියාකළ යුතුයි. පළමුව බලය අත්පත් කරගෙන, දෙවනුව රට ගොඩනැගීම සඳහා මැදිහත් විය යුතුයි. ඒ සඳහා වන නව ජාතික පිබිදීමක් අපට අවශ්‍යයි. අනාගතය පිළිබඳ සුබ සිහින ගේන නව ජනතා පිබිදීමක් අවශ්‍යයි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan