1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): 1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බැංකු බලපත්‍ර නිකුත් කිරීම, බැංකු හිමිකාරීත්වය ,ඒකාබද්ද අධීක්ෂණය, ප්‍රාග්ධනය හා ද්‍රවශීලතා රාමුව ලබා දිය හැකි උපරිම ණය පහසුකම් ප්‍රමාණය සහ සම්බන්ධිත පාර්ශව සමග ගණුදෙනු ,යහපාලන අවශ්‍යතා,රාජ්‍ය බැංකුවල නියාමනය සහ අධීක්ෂණය ඇතුළු ක්ෂේත්‍රවල පවත්නා නියාමන ප්‍රමිති ශක්තිමත් කිරීමට හැකිවන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් බැංකු පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2023/6/26දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී ඇති අතර, එම පනත් කෙටුම්පත රජය ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...