ආසියාව දිනූ අයට කැබිනට් පත්‍රිකා පමණද?

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 31 කොළඹ (LNW): ආසියානු ක්‍රීඩා උළෙලේ දී සහ ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක් වූ අයට කැබිනට් පත්‍රිකා මඟින් මුදල් ලබා දීමට දෙවන වරටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙනවා.ක්‍රීඩා අරමුදලේ මුදල් නොමැතිකම නිසා රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද මීට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව පැවසූ අතර මේ වන විට හරීන් ප්‍රනාන්දු මහතාත් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා.එසේම හිටපු අමාත්‍යවරයා සංගීත ප්‍රසංගයක් ද ක්‍රීඩා අරමුදල තර කිරීමට සූදානම් කළ බව කීවත් එයින් කුමන ලාභයක් ලැබුණේ ද යන්න වාර්තා වුණේ නැහැ.


ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණේ මලල ක්‍රීඩාවට සහ ක්‍රිකට් ක්‍රීඩාවට පමණයි.එම ක්‍රීඩාවන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් යම් ප්‍රදානයක් සිඳු කරන්නට කටයුතු සිදු කරනු ලැබුවා.පළමුව මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට රුපියල් ලක්ෂ සියයක් පිරිනමන්නට ඉදිරිපත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පසුව අප වෙබ් අඩවිය විසින් දක්වන ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර පදක්කම්ලාභි ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන් දෙදෙනෙකුට ද ලැබෙන සේ තවත් රුපියල් ලක්ෂ 180 ක මුදලක් ගෙවීමට කටයුතු කරා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...