සීසන් ක්‍රමය අහෝසි කර දුම්රිය ගාස්තුව බස් ගාස්තුවේ ප්‍රමාණයට ගෙන ආ යුතුයි – දුමින්ද නාගමුව

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 31 කොළඹ (LNW): පාසල් දරුවන්ගේ හා රාජ්‍ය සේවකයන්ගේ දුම්රිය හා ලංගම සීසන් අවලංගු කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට හා ලංකා ගමනාගමන මණ්ඩලයට ලාභ ලැබිය හැකි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

දුම්රිය සීසන් ක්‍රමය අහෝසි කර දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව බස් ගාස්තුවේ ප්‍රමාණයට ගෙන ආ යුතු බව, එවිට දුම්රිය දෙපාර්තමේන්තුව ඉක්මනින්ම ලාභ ලබන තැනට ගෙන ආ හැකි බව ද ජනහමුවක් අමතමින් ඒ මහතා පැවසුවේය.

ඒ මහතා මෙසේ ද කීවේය.

” අද සමහරු කියනවා මේ ඔක්කොම විකුණනවා කියලා. අද දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම බිලියන 11යි. වියදම බිලියන 40 ගාණක් වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභ ලබන්න පුළුවන්. පාසල් දරුවන්ට දෙන සීසන් ටික කැන්සල් කරලා, රජයේ සේවකයන්ට දෙන සීසන් ටික කැනසල් කරලා, දුම්රිය ටිකට් එකේ ගාස්තුව බස් ටිකට් එකේ ගාණට ගේනන ඕනෑ.

මෙහෙම කරන විට දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභ ලබන්න පුළුවන්. ලංගමයත් ලාභ ලබන තැනට ගෙන්න පුළුවන්. පාසල් දරුවන්ට දීලා තිබෙන සීසන් ටික, රජයේ සේවකයන්ට දීලා තිබෙන සීසන් කැන්සල් කරන්න ඕනෑ.

දුම්රිය ස්ට්‍රයික් එකක් ආව දවසට සීසන් එකෙන් යන මිනිහා කියනවා මේක පෞද්ගලීකරණය කරන්න ඕනෑ කියලා. දුම්රිය ස්ට්‍රයික් කරන හැටිත් එච්චර හොඳ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් සීසන් එකෙන් දුම්රියේ යන ගමන් කියනවා මේක පෞද්ගලීකරණය කරන්න ඕනෑ ‘

වැඩිදුරටත් හෙතෙම කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...