රනිල් දැන් කරන්නේ පොහොට්ටුවට ඕන දේශපාලනය – පන්න පන්න ගැහුවේ UNP පාක්ෂිකයින්ටමයි (VIDEO)

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පන්න පන්නා පහර දුන්නේ පසුගිය කාලය තුළ ඔහුව නායකත්වයට ගෙනෙන්න ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින්ට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

නායකත්වයේ ප්‍රශ්නයක් නිසා සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්වුවද ඒ සියලු දෙනා රනිල් වික්‍රමසිංහ වෙනුවෙන්ද මැදිහත්වූ අය බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ.

රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ වීමෙන් අනතුරුව ඔහුගේ හැසිරීම් සම්පූර්ණයෙන් වෙනස් වී ඇති අතර දැන් රාජපක්ෂලාට ගැළපෙන පරිදි වෙනස් වී ඇති බවද ඇය කියා සිටියාය.

කෙසේවෙතත් ඊයේ දින සමඟි විරෝධයේ සිටි පිරිසට පහර දුන් අය හඳුනාගෙන තිබෙන අතර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ.

”පොලිසිය විසින් උසාවි තුනකින් අධිකරණ නියෝග අරගෙන තිබුණා. ලිප්ටන් වටරවුම, ටීබී ජයා මාවත,මරදාන ටෙක්නිකල් හන්දිය,පංචිකාවත්ත වටරවම, සංඝරාජ මාවත උසාවි නියෝග තිබුණේ. අපි කලහකාරි ලෙස හැසිරුණේ නැහැ. අපේ මාර්ගයයි අවහිර කළේ.පහර දුන් සියලු දෙනා අපි හඳුනගෙන තියෙනවා. අපි ගාව වීඩියෝ තියෙනවා. අපි ඔවුන්ට විරුද්ධව පෞද්ගලිකව නීතිමය ක්‍රියාමාර්ග වලට යනවා. අපේ දෙන්නෙක්ට හොඳටම තුවාල වෙලා තියෙනවා. රනිල් රාජපක්ෂ වුණාට පස්සේ හැසිරීම අපිට තේරෙනවා. ඊයේ රනිල් රාජපක්ෂ විසින් පන්න පන්න ගැහුවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අයටමයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයාට තමයි ගැහුවේ. ඔහු පොහොට්ටුවටම ගැළපෙන දේශපාලනයක් දැන් කරන්නේ”යනුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...