සෞඛ්‍ය සේවය අඩාළ වෙයිද? සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩවැරීමේ සූදානමක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි 01 කොළඹ (LNW): අද (01) දින සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

ඒ රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනා හෙවත් ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමිණි.

ඒ සම්බන්ධයෙන් ඊයේ (31) දහවල් ද වෘත්තී සමිති කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේ , එවැනි පසුබිමක තවමත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දීමනාවක් ලබා දීම කෙරෙහි රජය හෝ මුදල් අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සාධනීය මැදිහත් වීමක් නොමැති වීම හේතුවෙන් අද (01)) දිනයේ සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...