රනිල් තමයි දැන් අපේ ලොක්කා – ජාතික ආණ්ඩුව මහින්දානන්දත් තහවුරු කරයි (VIDEO)

මේ වනවිට තමන්ගේ ප්‍රධානියා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කර තිබුණු ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු සපයමින් සිටියදී විපක්ෂයෙන් බාධා කිරීමක් එල්ල වූ අතර තමන්ට ප්‍රශ්නයක් විමසිය හැකිදැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඇසූ අවස්ථාවේදී මහින්දානන්ද අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ,

“බෑ. ඔයාට රනිල් වික්‍රමසිංහ මහත්තයා හා කිව්වොත් දෙනවා අවසර. මට රනිල් වික්‍රමසිංහ මහත්තයා හා කිව්වොත් අවසර දෙනවා. ඔව්, දැන් එයා තමයි අපේ ලොක්කා” යනුවෙනි.

ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත බව ලංකා නිව්ස් වෙබ් අපි අද පෙරවරුවේත් වාර්තා කළෙමු.

මහින්දානන්ද අමාත්‍යවරයා විහිළුවෙන් මෙන් කලින්ම කියා තහවුරු කළ කතාව ඉක්මනින්ම කාටත් දැකගත හැකිවනු ඇත.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/03/08/9488/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...