ලීග් සූරතාවය උණුසුම්වන ලකුණු පෙන්වමින් දෙවන සැසිය ඇරඹෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 03 කොළඹ (LNW): නිපොන් පේන්ට් රග්බි ලීග් තරගාවලියේ දෙවන සැසියට පිවිසෙමින් තරගාවලිය ඉදිරියේදී වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ඉඟි පළ කළා.අපරාජිතව සිටින සීආර් කණ්ඩායමට එරෙහිව හැව්ලොක්ස් කණ්ඩායමෙන් එල්ල වූ තර්ජනය ඉතා දුෂ්කර වෑයමකින් මැඩ නොගන්නට දෙවන සැසිය ආරම්භවන්නේම මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම් පිළිබද සටහන් කිරීමේ ඉඩ සම්පූර්ණයෙන් අහුරමින් වෙන්නට තිබුණා.


තරගයේ මුල් භාගයේ ලකුණු 5-3 ක් ලෙස ඉදිරියෙන් සිට නිමා කරන්නට සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමත් වුණා.සීආර් කණ්ඩායම සිය ආරක්ෂ පෙළ හරහා සීමාව ආක්‍රමණය කිරීමේ සියලු විධි විධාන හොදින් ක්‍රියාත්මක කළ ද,හැව්ලොක්ස් කණ්ඩායමේ නිදහස් පහර ඉලක්කයට යාම වැළක්විමට ක්‍රමයක් තිබුණේ නැහැ.මේ තත්ත්වය නිසා තරගයේ අවසාන භාගය වන විට හැව්ලොක්ස් කන්ඩායම ලකුණු 9 -5 ක් ලෙස ඉදිරියෙන් රැදී සිටයිදී අමිත් ගුණසිංහ ක්‍රියාත්මක වී ලබා ගත් උත්සාහක දිණුමත්,එය නිසි ආකාරයෙන් ප්‍රවර්ථනය කරන්නට සුලක්ෂණ රුබේරුත් දක්වන ලද සහයෝගය නිසා තරගයේ නිමාව සංඥා වන විට සීආර් කණ්ඩායම ලකුණු 12 – 9 ක් ලෙස පෙරමුණේ රැඳුණා.


සීආර් කන්ඩායම වෙනුවෙන් අමිතට අසතරව තරගයේ මුල් භාගයේදී උත්සාහක දිණුමක් ලබා ගන්නට සුබේර් දොරේ සමත් වූ අතර හැව්ලොක්ස් කන්ඩායම වෙනුවෙන් ලබා ගත් නිදහස් පහර තුනම නිසා ඉලක්කයට යොමු කර ලකුණු බවට පත් කළේ සැමුවෙල් මධුවන්තයි.මෙහිදී හැව්ලොක්ස් කණ්ඩායමේ ෂෙහාන් සිල්වා සෞඛ්‍යමය තත්ත්වය පිළිබඳ අනතුරු දන්වන නිල් කාඩ් පත් අවවාදයකට ලක්වීමත් විශේෂ සිඳුවීමක්.
නාවික හමුදාවට තරගයේ දෙවන සැසිය අරඹමින් පොලිසීය එල්ල කළ දැඩි ප්‍රහාරයෙන් බැට කන්නට සිදු වුණා.ප්‍රථම අර්ධයේදී පොලිසිය ලකුණු 20 ක් රැස් කරද්දී ලකුණු 7 ක් එක් කර ගැනීමට නාවිකයන්ට අවස්ථාව ලැබුණ ද,දෙවන අර්ධයේදී කිසිඳු ලකුණකට අවස්ථාව දෙන්නට පොලීසිය සමත් වුණේ නැහැ.ඔවුන් ලකුණු 17 ක් ලබා ගත්තා.


නාවික හමුදාන වෙනුවෙන් චිරන්ත කළුආරච්චි උත්සාහක දිණුමක් ලබා ගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කර දෙන්නට ඉෂාර ඉමන්ක සමත් වුණා.පොලීස් කණ්ඩායම උත්සාහක දිනුම් හයක් රැස් කළ අතර එයින් දෙකක ප්‍රවර්ථනයන් සාර්ථක වුණා.ඊට අමතරව එක් නිදහස් පහරකට සාර්ථක ඉලක්කයක් ලබා දෙන්නට පොලස් කණ්ඩායමේ ප්‍රින්ස් චාමර සමත් වුණා.ප්‍රින්ස් මෙහිදි එක් උත්සාහක දිණුමක් වාර්තා කිරීමත් එක් උථ්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කිරිමත් කැපී පෙණුන අතර උත්සාහක දිණුම් තුනක්ම පොලිසියට ලබා දෙන්නට කටයුතු කළේ අකාශ් මධුශංක යි.හිරන්ත පෙරේරා සහ උදය සංජුල ද උත්සාහක දිණුම් වාර්තා කළ අතර ෂේන් ගෙල්වින් හෝවුඩ් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කර ගන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභාව : සර්වජන බලයේ සහායත් විපක්ෂයේ අපේක්ෂකයාට !

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද (16)...

අවසන් මොහොතේ සාගල එජාපයට නියෝජ්‍ය නගරාධිපති ලබාගැනීමේ අවස්ථාව විනාශ කරයි ?

කොළඹ නියෝජ්‍ය නගරාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයට ලබාගැනීමට තිබූ...

කොළඹ එජාප කණ්ඩායම උදෙන්ම සාගලගේ නිවසේ රැස්වෙයි. ඒකමතික තීන්දු දෙකක් !

කොළඹ මහ නගර සභාව සඳහා තේරී පත්ව සිටින එක්සත්...