චීන ජනාධිපතිගෙන් 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): 76 වැනි නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පිරිනමා ඇත.

ෂී ජින් පිං මහතා කියා සිටින්නේ, චීනය හා ශ්‍රී ලංකාව අවංක සහයෝගයකින් බැඳීසිටින, මිත්‍රශීලි උපායමාර්ගික සහයෝගිතා හවුල්කරුවන් වන බවයි.

මෑත වසරවල දෙරට සම්බන්ධතාවය විධිමත් හා ස්ථාවර වර්ධන ප්‍රවණතාවක පවතී. පසුගිය ඔක්තෝබර් මාසයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා චීනයේ පැවති තුන්වැනි එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගිතා සම්මේලනයට එක් වූ අතර, තමා සමග පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගත් බව ෂී ජින් පිං මහතා සිහිපත් කරයි. තමා ශ්‍රී ලංකාව සමග සම්බන්ධතාවය ඉහළින් අගය කරන අතර, වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව සාම්ප්‍රදායික මිතුදම හා ‍අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කර එකිනෙකාගේ ප්‍රශ්නවලදී අඛණ්ඩ සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බව ද ඔහු පවසා ඇත.

එසේම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ සහයෝගිතා තවදුරටත් තහවුරු කරමින් දෙරට ජනතාවට සුබසෙත උදාකිරීමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා තම පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...