ජාතික ආණ්ඩුවකට සමගි ජන බලවේගයේ එක්කෙනෙක්වත් යන්නේ නෑ – සජිත් සහතික වෙයි

Date:

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ එකමුතුවෙන් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කෙරෙනු ඇති බවත් ඊට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ද එකතුවෙනු ඇති බවත් ලංකා නිව්ස් වෙබ් අපි ඊයේ (08) වාර්තා කළෙමු.

ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථිරවම ප්‍රකාශ කළේ තම පක්ෂයේ කිසිවෙකුත් එවන් ජාතික ආණ්ඩුවකට එකතු නොවන බවයි.

“සමගි ජන බලවේගයේ ඉන්න එක්කෙනෙකුටවත් දේශපාලනිකව සියදිවි හානිකරගන්න වුවමනාවක් නෑ. ඒ නිසා සහතික වෙන්න පුළුවන් ඔවැනි ජාතික ආණ්ඩුවකට අපේ එක්කෙනෙක්වත් යන්නෙ නෑ කියලා. අනික ඉන්දියාව මේක පිටිපස්සේ ඉන්නවා කියන එකත් ඒ අය හදාගත්ත බොරුවක් වෙන්න ඇති. ඉන්දියාව මාත් එක්ක නිතරම ගනුදෙනු කරන රටක්. ඔවුන් මෙවැන්නක් කරන්නෙ නෑ කියලාත් මට සහතික වෙන්න පුළුවන්”

යනුවෙනුයි සජිත් ප්‍රේමදාස මහතා ලංකා නිව්ස් වෙබ් සමග ප්‍රකාශ කළේ.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/03/08/9488/
http://139.59.240.222/03/08/9525/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...