ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්.ඉන්ද්‍රජිත්ගේ “මාධ්‍ය මඟ” එළි දකියි!

Date:

කොළඹ LNW:ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්.ඉන්ද්‍රජිත් මහතා විසින් රචිත “මාධ්‍ය මඟ” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය 2024 පෙබරවාරි 06 වෙනි දින (හෙට ) පස්වරු 3.00 ට කොළඹ 07 නිදහස් මාවත ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් එය සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ.

හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක,ගයන්ත කරුණාතිලක,තමිල්නාඩු ජේෂ්ඨ ජනමාධ්‍යවේදි අරුන් කධාරන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගී වන අතර ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය සහ PEN Sri Lanka ආයතන සංවිධානය කරන මෙම උත්සවයේ ප්‍රධාන දේශනය හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් සිදුකෙරෙනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...