ෆවුසිට එරෙහි නඩුව – යළි වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝගයක්

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි සමයේ නෙදර්ලන්තයෙන් පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදාගනිමින් රජයට රුපියල් ලක්ෂ 10ක අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන 29 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (05) නියම කළේය.

ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී විනිසුරුවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට වැඩිදුරටත් නියෝග කළේ මන්ත්‍රීවරයාගේ ඇඟිළි සලකුණු ලබාගෙන යළි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එහිදී විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ මන්ත්‍රීවරයාට එරෙහිව ගොනුකර ඇති චෝදනා එල්ලා අස්කරගන්නා ලෙස දැනුම් දෙමින් තමන් පසුගිය මස 16 වනදා අල්ලස් කොමිසම වෙත ලිපියක් යොමු කළ බවත් ඒ සම්බන්ධයෙන් සලකා බලන බව දැනුම් දෙමින් එම කොමිසම පසුගිය 24 වනදා තමන්ට පිළිතුරු ලිපියක් ද එවා ඇති බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...