ජාතික ආණ්ඩුවක පළමු පියවර : සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනපති එකඟවෙයි !

0
3675

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (08) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිතුමා අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණි බවයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.

ඒ අනුව අදාළ සර්ව පාක්ෂික සමුළුව මේ මස අහභාගයේදී පැවැත්වෙනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂවල එකමුතුවෙන් ජාතික ආණ්ඩුවක් එළඹෙන අප්‍රේල් මාසයේදී නිර්මාණය කෙරෙනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි ඊයේ (08) පෙරවරුවේම වාර්තා කළෙමු.

සාර්ථක සර්ව පාක්ෂික සමුළුවක් යනු සාමාන්‍යයෙන් ජාතික ආණ්ඩුවක පළමු පියවරක් වශයෙන් සැලකිය හැකිය. ආණ්ඩුකරණයෙහි ස්වරූපය කවරක් වුවත් ජාතික එකඟතාවක් මත ආණ්ඩුකිරීමක් ඉන් අදහස් කෙරේ.

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ පා සිටින්නේ මෑත ඉතිහාසයේ නොවූ විරූ‍ ආර්ථික අර්බුදයකට බව නොරහසකි. එවන් අවස්ථාවක හෝ පක්ෂ භේද පසෙකලා රටක් වශයෙන් යම් දේශපාලන එකඟතාවකට පැමිණ ඊට මුහුණ දීමට නොහැකි නම් රටට අත්වන්නේ දැවැන්ත ඛේදවාචකයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/03/08/9488/
http://139.59.240.222/03/08/9525/
http://139.59.240.222/03/09/9550/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here