තල් කර්මාන්තයේ නිරත වන්නන්ට වෘත්තිය නිපුණතා සහතිකපතක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): මෙරට තල්, කිතුල් සහ පොල් ගස් මැඳීම මෙන්ම ගෙඩි කැඩීමේ ආශ්‍රිතව කටයුතු කරන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතිකපතක් විධිමත් සති දෙකක පුහුණුවකින් පසු ලබා දීමට අනුමැතිය ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් ලබා දෙන ජාතික වෘත්තිය නිපුණතා -03 (NVQ -3) මට්ටමේ සහතික පතක් මෙරට තල්, කිතුල් සහ පොල් ගස් මැඳීම මෙන්ම ගෙඩි කැඩීම ආශ්‍රිතව කටයුතු කරන සෑම පුද්ගලයෙකුටම ලබා දීමට පියවර ගන්නා බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේය.

තල්, කිතුල් සහ පොල් ආශ්‍රිත කටයුතු කරන පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගනු ලබන පියවර සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (05) පස්වරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී තල්, කිතුල් සහ පොල් ගස් මැඳීම මෙන්ම ගෙඩි කැඩීම ආශ්‍රිතව කටයුතු කරන පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් යොදන්නැයි අමාත්‍යවරයා තල්, කිතුල් හා පොල් සංවර්ධන මණ්ඩලවල සභාපතිවරුන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව අදහස් පළ කළ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා එම පුද්ගලයින්ගේ ජීවිතාරක්ෂාව හා සුබසාධනය උදෙසා මෙම NVQ-3 මට්ටමේ සහතික පතක් හා සති දෙකක පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා ඇති බව දැනුම් දුන්නේය.

මීට අදාල පුහුණුව යටතේ ගස් බඩගෑම කරන අවස්ථාවේ හදිසි රෝග තත්ත්වයකට ලක්වීම, සර්ප දෂ්ඨන හා ගසෙන් ඇද වැටීම මගින් පූර්ණ හෝ අර්ධ ආබාධ තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුහුණුවක් ලබා දෙනු ලබයි.

එමෙන්ම මෙම කටයුතුවල නිරතවන පුද්ගලයින්ට ස්වයං රැකියාවක් හෝ ව්‍යවසායකත්ව හැකියා වර්ධනය සඳහා සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 05ක ණය ආධාරයක් ලබා දීමට ද මේ වනවිට සැළසුම් කර ඇත.

මීට අමතරව තල්, කිතුල් සහ පොල් ගස් මැඳීම හා ගෙඩි කැඩීම වැනි කටයුතුවල නිරත පුද්ගලයින්ට රක්ෂණාවරණයක් ලබා දීමේ ක්‍රමයක් ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. මේ සම්බන්ධව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් එම වැඩපිළිවෙළ සකස් කිරීමට යෝජිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...