නාවිකයන්ටත් දිනයක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 06 කොළඹ (LNW): මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි.

මෙරට දේශීය ආර්ථිකයට නාවිකයින් දක්වන දායකත්වය ඇගයීම සහ නාවික වෘත්තීය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගැනීම මෙමගින් අරමුණ වී තිබේ.

ඒ අනුව සෑම වර්ෂයකම මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බව සඳහන් ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...