මහනුවර දිස්ත්‍රික්කයේ අඩු බර පාන් වැටලීම පාරිභෝගික සේවා අධිකාරිය මගින්!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

පෙබරවාරි 07,
මහනුවර (LNW): ප්‍රමිතියෙන් තොරව පාන් අලෙවි කිරීමේ ස්ථාන වැටලීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ බේකරි හා ව්‍යාපාරික ස්ථාන සෝදිසි කිරීම පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයේ මෙහෙයවීමෙන් ඊයේ (06) සිදුවිය.

රජය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාන් ගෙඩියක නියමිත බර ග්රෑම් 450ක් විය යුතුවේ. එමෙන්ම අලෙවි මිල සඳහන් කළ යුතු වුවත් එම කොන්දේසි කඩ කරමින් පාන් අලෙවි කළ ස්ථාන රැසක් වැටලීමට එම අධිකාරී කාර්යාලය පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉකුත් දෙදින තුළ මහනුවර නගරය, පේරාදෙණිය, පිළිමතලාව, වත්තේගම, පන්විල හා හුළුගග යන ප්‍රදේශවල වැටලීම් සිදු කළ අතර කොන්දේසි කඩ කර තිබුණු ව්‍යාපාරික ස්ථාන රැසකට නඩු පැවරීම එහිදී සිදුවිය.

ප්‍රමිතියෙන් තොර හා කොන්දේසි කඩ කරන ව්‍යාපාරික ස්ථාන වැටලීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත ඉදිරි දිනවලදීත් සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී තුෂාර රෑනපාන මහතා පැවසීය.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 14 ක සිර දඬුවමක් නියම වූ පාකිස්තානයේ හිටපු ඔත්තු සේවා ප්‍රධානී ෆයිස් හමීඩ්..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ හිටපු ඔත්තු...

Brown University අසල වෙඩි තැබීමක් : දෙදෙනකු මිය යයි..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝඩ්...

Messi ගේ ඉන්දීය සංචාරය මෙසී වෙයි!

සටහන – පුලී දෙසැම්බර් 14, කොළඹ (LNW): කොල්කටාවේ සෝල්ට් ලේක්...