2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමට ප්‍රමාද වෙන්න එපා – මැ. කො

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු ප්‍රමාද නොවී සම්පූර්ණ කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය නැවත දැනුම් දීමක් කර තිබේ.

අදාළ ලියාපදිංචි කටයුතු පෙබරවාරි 29 වැනි දාට පෙර අවසන් කළ යුතු බව කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.

තම නිවෙස් වෙත ලැබී ඇති ඡන්ද හිමි නාම ලේඛනයේ වයස අවුරුදු 18ට වැඩි පවුලේ සාමාජිකයින් හෝ නිවසේ රැඳී සිටින පුද්ගලයින් සියලුදෙනාගේ තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.

ස්ථිර පදිංචිය වෙනස් නොකළ, විවාහය, අධ්‍යාපන කටයුතු හෝ හේතුවක් මත වාසස්ථානය වෙනස් කළ පුද්ගලයින් සියලු දෙනා ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය යුතු බව දැක්වේ.

කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ , ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූවත් විදෙස් ගතව සිටින පවුලේ සාමාජිකයින්ගේ නම් ද ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කළ යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...