*
Wednesday, November 6, 2024
spot_img

Latest Posts

දෙස් විදෙස් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටි විරේන් ආසියානු තරගාවලියට සුදුසුකම් ලැබුවේ සියලු අංශවල එකඟතාවයෙන්

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 09 කොළඹ (LNW): ජාතික සූරතාවයක් යනු කුමන හෝ ක්‍රීඩාවක් පවත්වන ජාතික තරගාවලියේ සූරතාවය මිස එය එම ක්‍රීඩාවේ අංක එක ලෙස හැඳින්වීමක් නොවන්නේය.එසේනම් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවත්වන ජාතික සූරතාවලියේ අංක එක කෙටි ධාවන සූරයා ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කර, එම ක්‍රීඩාවේ ජාත්‍යන්තර වශයෙන් ඉහළින්ම සිටින ක්‍රීඩකයා වන යුපුන් අබේකෝන් ඉදිරිපත් නොකළ යුතුය.


ශ්‍රී ලංකා බැඩිමින්ටන් ක්‍රීඩාවේ ජාතික සූරයා වූ බුවනෙක ගුණතිලක වෙනුවට විරේන් නෙත්තසිංහ ආසියානු තරගාවලියට සහභාගි කරවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශණ ඒකකයට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීති මඟින් කටයුතු කිරීමට සූදානම් වීම ඒ ආකාරයෙන් බැලීමේදී මේ වන විට ජගත් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයාගේ සුදුසුකම නොපිළිගන්නා ලෙස කරන ඉල්ලීමක් ද යන්න සිතා බැපිය යුතු කරුණකි.විරේන් මේ වන විට සිටින්නේ ජගත් ශ්‍රේණිගත කිරීම්වල 68 වන තැනය.
මෙම තෝරා ගැනීමට පාදක වූ කරුණු දක්වමින්,ශ්‍රී ලංකා බැඩිමින්ටන් හී උප සභාපතිවරයෙක් වන මොහාන් විජේසිංහ වීඩියෝවක් නිකුත් කරමින් කරුණු පැහැදිළි කිරීමක් කර ඇත. ඔහු පෙන්වා දෙන පරිදි ඒ මොහොතේ ජාත්‍යන්තර සහ දේශිය වශයෙන් ඉහළින්ම ශ්‍රේණිගත වී තිබූ ක්‍රීඩකයා ආසියානු ක්‍රීඩා උළෙලට යොමු කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ක්‍රියාත්මක වන ක්‍රමවේදයට අනුව යම් කිසි ක්‍රීඩාවක තේරීම් කමිටුවක් විසින් කරන තේරීම් අවසාන තේරීම් වන්නේ නැත.අවසාන තේරීම සඳහා අමාත්‍යරයා විසින් පත් කරන ලද ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවක් ඇති අතර ඔවුන් විසින් සියලු තේරීම් පරික්ෂා කිරීමෙන් පසුව අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවන අතර, රට නියෝජනය කිරිම සඳහා සුදුසුවන්නේ ඉනික්බිතිවය.
මොහාන් විජේසිංහ පෙන්වා දෙන්නේ ජාතික තේරීම් කමිටුවට බැඩ්මින්ටන් තෙරීම් කමිටුව සිය තේරීම් සඳහා පාදක කරගන්නා පරිපාටියට අනුව කරන ලද තෝරා පත් කිරීමේ ගැටළුවක් නැති බව සනාත කරමින් ආසියානු ක්‍රීඩා උළෙලට යැවීමට නිර්දේශ කර ඇති බවය.එසේම එම මොහොත වන විට ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණිගත කිරීම් සළකා බලද්දී විරේන් ජාතික වශයෙන් 9 වන තැන පසු වි ඇත,බුවනෙක 11 වන තැනය.


ඒ තත්ත්වය එසේ වන්නේ දෙදෙනා ජාතික වශයෙන් ක්‍රියාත්මක කරන ශ්‍රේණිගත කිරීම් තරග කෙතරම් ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇද්ද සහ කෙතරම් ජයග්‍රහණ සහ සූරතා ප්‍රමාණයක් අත් කර ගෙන ඇද්ද යන කාරණය මතය.ඒ ශ්‍රේණිගත කිරීම්වලට අයත් වන එක් තරගාවලියක් ලෙස ජාතික සූරතාවලිය ද හැඳින්විය හැකිය.එසේම ඒ මොහොත වන විට ජාත්‍යන්තර වශයෙන් ගත් විට විරේන් සිට ඇත්තේ 129 වන තැනය. බුවනෙක සිට ඇත්තේ 409 වන තැනයි.


මේ මොහොතේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඩිමින්ටන් සංගමයේ අවධානයට ලක් වෙමින් ඔවුන්ගේ අවසරයෙන් සහ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරගාවලි දෙකක්ම පවත්වන අතර එහිදී විරේන් සහ බුවනෙක පිරිමි යුගල කාණ්ඩයේදී එක් යුගලයක් ලෙස ක්‍රිඩා කරමින් ප්‍රතිවාදීන්ට එරෙහිව හොඳ තරගකාරීත්වයක් ලබා දෙමින් ක්‍රීඩා කරනු දකින්නට ලැබිමද විශේෂ අවස්ථාවකි.
මේ සමඟ මොහාන් විජේසිංහ උප සභාපතිවරයා සිදුවීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති වීඩියෝවද මේ සමඟ ඉදිරිපත් කර ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan