දකුණු ආසියාවේ විදුලි බිල වැඩිම රට ශ්‍රී ලංකාව. සියයට 4ක් අඩු කළාට මදි – විපක්ෂ නායක සජිත්

Date:

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ වෙරිටේ රිසර්ච් ආයතනය සිදු කරන ලද සමීක්ෂණයකට අනුව දකුණු ආසියාවේ වැඩිපුරම විදුලි බිල ඇත්තේ අප රටේ බවත් දකුණු ආසියාව හා සංසන්දනය කර බලන විට අප රටේ විදුලි බිල 2.5 සහ 3 දක්වා දළ දශයෙන් 3 ගුණයක් වැඩිපුර ගෙවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා උදාහරණයක් ගෙන කියා සිටියේ විදුලි ඒකක 100කට මාසෙකට රු.5280ක් වුවත් දකුණු ආසියාවේ සෙසු රටවල රු.2078ක් බවත් යුනිට් 200කට අප රටේ රු.12960ක් වුවත් දකුණු ආසියාවේ 4609ක් බවත් ය.

එබැවින් මේ ගැන රජයේ අවදානය යොමු කරන ලෙසත් දැනටමත් විදුලි බිල අවස්ථා ගණනාවකදී වැඩිකර ඇති නිසා එය පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යවසායකයින්ට බරපතල අගතිගාමී තත්ත්වයක් මතුව ඇති නිසා සහනයක් ලබා දෙන ලෙසත් ඡන්ද ගුණ්ඩුවක් ලෙස සියයට 4කින් විදුලි බිල අඩු කිරිම සෑහිමකට පත් නොවන නිසා ජනතාවට දැනෙන අඩු කිරිමක් සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...