සබරගමු සරසවි සිසුන් අතර ගැටුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW):ඊයේ (09)  රාත්‍රියේ දී ශ්‍රී  ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ  කෘෂි විද්‍ය පිඨයේ  දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනෙකුට  එම  විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් විසින්  සිදු  කල පහර දිමක් හේතුවෙන්  පහර කැමට  ලක් වු සිසුන් තිදෙනා  රෝහල් ගත කර  ඇතැයි පොලිසිය පවසයි.

ඔවුන් පඔහින්න රෝහලට ඇතුළත් කර ඇති අතර  සිසුන් දෙදෙනකු  වැඩිදුර ප්‍රතිකාර සදහා බලන්ගොඩ මුලික රෝහලට මාරු කර  යවා  ඇති  අතර පහර කැමට  ලක් වු  සිසුවිය  තවදුරටත් පඔහින්න රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

සබරගමු විශ්වවිද්‍යාලයේ  කෘෂි විද්‍යා පිඨයේ තෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් පිරිසක් විසින් එම  පහර දිම  සිදුකර ඇති  බවට  වාර්තා වේ.

දෙවැනි වසරේ ඉගනුම ලබන  සිසුන් පිරිසක්  පිටතින් ආහාර රැගෙන  විත්  කෘෂි විද්‍ය පිඨයේ ආපනශාලාවේ  ආහාර ලබා ගනිමින්  සිටියදී   මෙලෙස  ජේෂ්ඨ සිසුන් පිරිසක් පැමිණි  පහර දිමක් සිදු කල බවද  ඔවුන් විසින් පොලිසිය වෙත  පවසා ඇත,

අදාළ පහර දිම  සිදුකල  සැකකාර සිසුන් මෙතෙක් හදුනාගෙන නොමැති අතර   සිද්ධිය සමිබන්ධයෙන්  සමනල වැව පොලිසිය වැඩිදුර පරක්ෂණ සිදු කරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...