බිත්තරත් කාලා හමාරයි. හෙට සිට 65 දක්වා ඉහළට !

Date:

හෙට (12) දිනයේ සිට බිත්තරයක් රුපියල් 62 – 65 අතර මිලකට අලෙවි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා සඳහන් කළේ කුකුළු ගොවිපලවල් වලින් බිත්තර මිල ඉහළ දැමීම මීට හේතුවී ඇති බවය.

“මට ඉතාම කණගාටුවෙන් ප්‍රකාශයක් සිදුකිරීමට තියෙනවා. සඳුදා සිට පාරිභෝගික ජනතාවට මට බිත්තරයක් දීමට හැකියාව තියෙන්නේ සිල්ලර මිල වශයෙන් රුපියල් 62 – 65 අතර මිලකට. ඒකට හේතුව තමා අපි තොග මිල රුපියල් 58ක් හෝ 59ක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද ෆාම් එකෙන් අපට බිත්තර නිකුත් කරන්නෙ රුපියල් 53, 54 කියන මිලවල් වලට. අපි ඒ මිලට අරගෙන කොළඹට ඒ බිත්තර ගෙනෙද්දී රුපියලක් ට්‍රාන්ස්පෝට් මිල යනවා, එතකොට රුපියල් 55යි. අපි ඒකට රුපියල් 3ක් එකතු කරලා තමා 58 ට අපි තොග කඩේට බිත්තර ටික බාන්න වෙන්නෙ”

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේවෙතත් මේ වනවිට වැසී ගිය කුකුළු ගොවිපළවල් යළි ආරම්භ කෙරෙමින් පවතින නිසා ඉදිරියේදී රුපියල් 35ක් වැනි මිලකට දේශීය බිත්තර පාරිභෝගිකයින්ට ලබාදීමට හැකි බවයි පශූ සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ පරස්පරවිරෝධී අදහස්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...