දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW): දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

විශේෂයෙන් කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

වායු ගුණත්ව දර්ශකයට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල වායු ගුණත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑම් ඇති වන මට්ටමේ පවතින බව සඳහන්ය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කොළඹ, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, බදුල්ල, කුරුණෑගල, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්කවල වායු ගුණත්ව දර්ශකය සෞඛ්‍යමය වශයෙන් අයහපත් බලපෑම් ඇති විය හැකි මට්ටමේ පවතින බවයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ, වියළි කාලගුණ තත්ත්වය හා අසල්වැසි රටවලින් හමා එන අහිතකර දූවිලි අංශු එම තත්ත්වයට හේතු වී ඇති බවයි.

මේ හේතුවෙන්, හෘද රෝග, ශ්වසන රෝගවලින් පසු වන පුද්ගලයින්, වයස්ගත පුද්ගලයින් හා කුඩා ළමුන් එළිමහනේ දී මුව ආවරණ පැළලඳීම සිදුකිරීම වැදගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ දැනුම් දෙයි.

එම සංවිධානය සඳහන් කළේ විශේෂයෙන් කැලෑ ගිනි තැබීම්, කැලිකසළ දහනය, රථවාහන ධාවනය යන කරුණු මෙලෙස වායු දූෂණය ඉහළ යාමට හේතු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...