වෙඩි වැදුණු පොලිස් සැරයන් මරුට. ගිනිඅවියත් රැගෙන පැනගිය සැකකරු අත්අඩංගුවට

Date:

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර සැකකරුවකු අත් අඩංගුවට යාමේදී සිදුවූ පොරබැදීමක් අතරතුර වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයා ඊයේ (11) රාත්‍රියේ මරුමුවට පත්ව තිබේ.

පෙරේදා (10) අළුයම බටේපොළ ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබුණු අතර මෙම සැරයන්වරයා සමග පොරබැදූ සැකකරු සැරයන්වරයාගේ පිස්තෝලයත් රැගෙන පලාගොස් තිබිණි.

තුවාල ලැබූ සැරයන්වරයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මේ අතර වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරු ඊයේ සවස බිංගිරිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇත. එසේම සැරයන්වරයාට වෙඩිතැබූ පිස්තෝලය ද ගම්පහ – යාගොඩ පාරේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...