බයිඩන්, ෂී ජින්පින්, පුටින් ඉන්නෙ ගොඩක් පල්ලෙහා. රනිල් තමයි ලෝකෙට ලොක්කා – වජිර

Date:

මෙවර ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරන්නේ ලංකා ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“2024 වර්ෂය අවසන් කරන්නේ ලංකා ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළලා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන ජනාධිපති පුටුවෙ වාඩි කරවනවා කියලා මතක් කරන්න කැමතියි මිත්‍රවරුනි. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක සම කරන්න පුළුවන් නායකයො ලෝකෙ නෑ. ඇයි ජෝ බයිඩන් මහත්තයාද ? නෑ, ගොඩක් පල්ලෙහා. ඇයි චීන ජනාධිපතිද ? ගොඩක් පල්ලෙහා. අපේ ලොක්කා ලෝකෙට ලොක්කා. ඇයි පුටින්ද ? පුටින් මේ දේශපාලනයට එන්නෙ 1999. රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවා කිව්වාම හැමෝම එකතු වෙනවා, මොනවටද ? පරද්දන්න විදියක් හොයන්න. බයයි, ඒක තමයි ඔවුන්ගෙ ඇත්ත. ගත්තොත් ගන්නවා, ආයෙ අවුරුදු දහයකට පහළවකට විස්සකට හිතන්නවත් එපා, ට්‍රයි කරන්නවත් එපා”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ එජාප ගම්පහ ආසන සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...