සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 92 අදියරින් බියගම ශ්‍රී පේමානන්ද විද්‍යාලයට ස්මාර්ට් පන්ති කාමරයක්

Date:

රටේ සෑම දරුවකුම ලක්ෂ 12ක ඒකපුද්ගල ණයබරතාවකින් පෙළෙන බවත් රට පාලනය කරන වැඩිහිටියේ දරුවන්ගේ එම කරුණ සගවන නමුත් දරුවන්ටත් තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇති නිසා මේ ගැන දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 92 වැනි අදියර යටතේ බියගම ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට පෙරේදා (12) එක්වෙමිනි.

සජබ රජයක් තුළ නොවෙනස් අධ්‍යාපන ප්‍රතිපත්තියක්

සමගි ජන බලවේග රජය තුළ අධ්‍යාපන සඳහා වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බවත් ළඟම පාසල හොඳම පාසල, නවෝද්‍යා පාසල්, ඉසුරු පාසල් යනුවෙන් විවිධ නම් විවිධ කාලවල මාරු වන බවත් මේ ආකාරයෙන් ප්‍රතිපත්ති වෙනස් විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ 40000ක ගුරු හිගයක් පවතිනවා

5 ශිෂ්‍යත්ව විභාගය යුගයට ඔබින විභාගයන්ද, සාමාන්‍යපෙළ සහ උසස් පෙළ විභාගයේ විෂය මාලා ඊට අනුකූලද ආදිය සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු බවත් මේ වන විට 40000ක ගුරු හිගයක් පවතින බවත් ඒ සඳහා රජයට තවම විසදුම් නොමැති බවත් වසර ගණනාවක් පුරා සංවර්ධන නිලධාරීන් මේ හිඟය පුරවා දූදරුවන්ට අධ්‍යාපන කටයුතු කර ගෙන යාමට දුන් ශක්තිය අමතක කළ නොහැකි බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ කොටස් 7ම බරපතල කළකිරීම් ඇති නිසා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගිනිතියන කුඩුකරන රටක් අපි එපා

මේ වන විට රටට අවශ්‍ය වී ඇත්තේ ගිනිතියන, විනාශ කරන, කුඩුපට්ටම් කරන, ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කරන රජයක් නොව දරුවන්ට ශීලාචාර, ශිෂ්ඨසම්පන්න ජන සමාජයක් නිර්මාණය කර ඒ තුළ ශිෂ්ඨසම්පන්න ප්‍රබුද්ධ ප්‍රශස්ත පුරවැසියන් ලෙස කාටවත් අත නොපා ජීවත් වීමේ අවස්ථාව ලබා දිය යුතු බවත් නායකයෝ පාලකයෝ පුරවැසියෝ අත්වැල් බැදගෙන වැඩ කරන රටක් බිහි කිරීමට කාලය එළැඹ ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 92ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 906ක් වැය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...