මිණි මිණි පොද වැටේවි – අද (14) කාලගුණ නිවේදනය

අද (14) දිනයේදී නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...

කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...

ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02)...