චම්පිකගේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අද එළිදකියි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදවලට විසඳුම් ලබා දෙන එක්සත් ජනරජ පෙරමුණෙහි ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (14) ජනගත කිරීමට නියමිතයි.

පස්වරු 4.00 ට කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී එය සිදුකිරීමට නියමිතව තිබෙන අතර ශ්‍රී ලංකාව සංවර්ධනය කරමින් ජනතාවගේ ජීවන තත්ත්ව වර්ධනයට අවශ්‍ය සැලසුම් ඊට අන්තර්ගත බවයි එක්සත් ජනරජ පෙරමුණ නිවේදනය කරන්නේ.

කෙටි හා දිගුකාලීන ක්‍රමවේද හඳුන්වාදීමට ඒ යටතේ පියවර ගෙන ඇති බව සඳහන්.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පක්ෂයේ නායකයන් සහ සාමාජිකයින් ද එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ වසර 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් මූල්‍ය ආයතන වල මාර්ගෝපදේශ මත ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රියාත්මක වන එනමුත්ප වතින ගැටලුවෙන් රට මුදාගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කිසිවෙකු ඉදිරිපත් කර නැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන වලින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග වැඩපිළිවෙලට ඇතුළත් කර තිබෙන බවත් ඉදිරිපත් කර ඇති යෝජනාවලින් ක්‍රියාත්මක කළ යුත්තේ මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශ කිරීමට එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රතික්ෂේප කළ යුතු කරුණු ද පැහැදිලිව දැක්වීමට තීරණය කර ඇති බව සඳහන්.

වෙනත් කිසිදු පාර්ශවයක් එවැනි ක්‍රියාවලියකට අවතීර්ණ වී නැති බව ද හෙතෙම පෙන්වා දී තිබේ. වර්තමාන ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථීක වශයෙන් සංකෝචනය වෙමින් තිබෙන අතර එය ජනතාව මත දැඩි පීඩනයක් නිර්මාණය කරන්නක් බවයි රණවක මහතා පැවසුවේ.

”බදු වැඩි කිරීම වෙනුවට රාජ්‍ය ආදායම වර්ධනය කළ හැකි විකල්ප ක්‍රමවේද ගණනාවක් හෙට හඳුන්වාදීමට නියමිතයි. සෞඛ්‍ය තත්ත්ව වර්ධනය සහ ඖෂධ ගුණාත්මකභාවය සමග සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ නව වැඩ පිළිවෙළක් ද සකසා තිබේ. පාරිභෝගිකයන්, ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් ඉලක්ක කරගත් ආහාර සම්බන්ධ වැඩසටහනක් ද සැලසුම් කර ඇත. අස්වනු හානි අවම කරමින් ඵලදායීතාව වර්ධනය ආහාර මිල අඩු කිරීම එහි අරමුණයි. ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රය ජනතාවට ගැටලු රැසක් මතු කර ඇත.”

පාලනය කරමින් ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්‍රය ආශ්‍රිතව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂාව බව රණවක මහතා සඳහන් කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඳුරු නිමේෂයක යටගියාව සොයා “ක්‍රිෂාන්තිගේ අඩිපාරේ!”

සැප්තැම්බර් 13, කොළඹ (LNW): ඇය වූයේ උදාහරණයක්.අහිංසක සිහිනවලින් ගොඩනගාගත් සරල...

IMF ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha ශ්‍රී ලංකාවට දුන් සහතිකය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථිකය...

අපේ කට්ටිය ජපානයේ සිට ලෝකය දිනන සටනට සූදානම් වන අයුරු

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ලෝකයේම අවධානය මේ මොහොතේදී ජපානය වෙත...

රත්නපුරෙන් බිහි වූ වේගයන් අලුත් වේගය සොයන්නට රත්නපුරයට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 17 – 25...