සෞඛ්‍ය වැඩවර්ජනය අදත් අඛණ්ඩවම ක්‍රියාත්මකයි

Date:

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 72ක් විසින් ඊයේ ආරම්භ කරන ලද වැඩවර්ජනය අදත් (14) අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවිකා යන වෘත්තිකයින් මෙම වැඩවර්ජනයට එක්ව සිටින අතර සමස්ත ලංකා හෙද සංගමය ද අද දිනයේදී මෙම වැඩවර්ජනයට සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000 ක DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති මෙම වැඩවර්ජනය ආරම්භ කළ අතර ඊයේ දිනයේදී බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා ද සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ හෙයින් වැඩවර්ජනය අඛණ්ඩවම පවත්වාගෙන යන බවයි වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කර තිබුණේ.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූදු නියාමන අධිකාරී පනත ක්‍රියාත්මක වෙන හැටි මෙන්න! (VIDEO)

කොළඹ LNW: සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සිදුකර...

බැකෝ සමන්ගේ සමීපතමයෙක් T 81 ගිනිඅවියක්, උණ්ඩ 97ක් සමඟ පොලිස් දැලට හසුවෙයි!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද සංවිධානාත්මක...

ආරම්භය තීරණාත්මකයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය එක්දින...

ආකාශ්ගේ තර්ජන මැද කොදෙව් තරුණයෝ ජය කණුවට ළඟා වෙති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ...