වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 14 කොළඹ (LNW): ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ස්විට්සර්ලන්තය හා ඇස්ටෝනියාව යන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක මැතිවරණ ක්‍රම අධ්‍යයනයට පියවර ගත් බව, මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ , එම මැතිවරණ ක්‍රම මගින් මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ගත හැකි ආදර්ශ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙහි අරමුණ බවයි.

මේ අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හා සංවිධානවලින් යෝජනා 60කට අධික සංඛ්‍යාවක් මේ වනවිට ලැබී තිබෙන අතර, එම යෝජනා අධ්‍යයනය කිරීම ආරම්භ කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.

මීට අමතරව අදාළ යෝජනා ඉදිරිපත් කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජතයින් සමග ද මේ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට කොමිසම කටයුතු කර ඇත. මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය අප්‍රේල් 15 වැනි දායින් අවසන් වීමට නියමිතයි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් මාධව ‍දේවසුරේන්ද්‍ර මහතා වැඩි දුරටත් පැවසුවේ, එදිනට පෙර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ නිර්දේශ ඇතුළත් අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...