විරෙන් සහ දුමිඳු කේවල සහ යුගල අවසන් 16 අතරට

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 16 කොළඹ (LNW): මේ දිනවල ගාල්ල,දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේදී ඊයේ (15) පැවති තරගවලදී විරේන් නෙත්තසිංහ සහ දුමිඳු අබේවික්‍රම සිය කේවල තරග ජය ගන්නට සමත් වුණා.ඒ අනුව ඔවුන් දෙදෙනාම අවසන් 16 දෙනා අතර තරගයට සුදුසුකම් ලබනවා.
විරේන්ට සිය කේවල තරගයේදී දැඩි අභියෝගයකට මුහුණ දෙන්නට සිඳු වූ අතර මෙම තරගාවලියේ අංක එකේ ක්‍රීඩකයා වන විරේන් එම තරගය ඉන්දියාවේ සනීත් දයානන්ද් ට එරෙහිව ජය ගත්තේ වට 2-1 ක් ලෙසයි.ලකුනු තත්ත්වය දැක් වුණේ ලකුණු 17-21,21-14 සහ 23-21 ලෙසයි.දුමිඳු තරගය ජයග්‍රහණය කළේ ද වට 2-1 ලෙසයි.එහිදී දුමිදුගේ ප්‍රතිවාදියා බවට පත් වූ මන්රාජ් සිං දුමිදු වෙතින් පරාජයට පත් වුණේ ලකුණු 18-21, 21-16 සහ 21-17 යන ආකාරයටයි.


මේ අතර බුවනෙක ගුණතිලක මීට පෙර දඩල්ලේ පැවති ජාත්‍යන්තර අභියෝගතා සූරතාවලියේදී විරෙන් හමුවේ පරාජයට පත් වූ තරුන් මන්නපල්ලි හමුවේ දැඩි තරගයක් ලබා දෙමින් ලකුණු 8-21, 21-7 සහ 21-18 ලෙස පරාජයට පත් වුණා.ශ්‍රී ලංකාවේ දෙවන වටයට පිරිමි කේවල අංශයෙන් ඉදිරිපත් වූ අනෙක් ක්‍රීඩකයා වූ රසින්ද හෙන්දහේවා පරාජයට පත් වුණේ නේපාලයේ ප්‍රින්ස් දහාල් ට එරෙහිව පැවති තරගයේදී යි.ප්‍රින්ස් එම තරගය රුසින්දට එරෙහිව ජය ගත්තේ ලකුණු 9-21, 21-12 සහ 21-13 ලෙසයි.
විරෙන් සහ දුමිඳු දෙදෙනාම පිරිමි යුගල තරග අංශයෙන්ද අවසාන 16 දෙනා අතරට පිවිස සිටිනවා. විරෙන් බුවනෙක සමඟ තරග වැදුණ ද දුමිදුගේ කණ්ඩායමේ ශ්‍රී ලාංකේය වන්නේ අඩක් පමණයි.ඉතිරි අඩ නියෝජනය කරන්නේ නේපාල ක්‍රීඩක ප්‍රින්ස් දහාල් වන අතර පිරිමි කේවල තරගයේදී ශ්‍රී ලංකාවේ රුසින්ද හෙන්දහේවා පරාජයට පත් කළ නේපාල ක්‍රීඩනයා ඔහුයි.අද විරෙන් සහ දුමිඳු දෙදෙනාම පිරිමි කේවල සහ යුගල තරග අංශයන් හී 16 දෙනාගේ වටයේ තරගවලදී ක්‍රීඩා කිරීමට නියමිතයි.


ඊයේ තරගාවලියේ කාන්තා යුගල සහ මිශ්‍ර යුගල තරගද ආරම්භ වුණු අතර එහිදී ශ්‍රී ලංකා කාන්තා යුගල තුනක් දෙවන වටයට පිවිසුණු.එම යුගල තුනටම ප්‍රතිවාදින් ලෙස හමු වුණේ ද ශ්‍රී ලාංකේය කාන්තා යුගලයන් වීම ද කැපී පෙණුනා.එසේම විදේශික කාන්තා යුගල හමු වූ ශ්‍රී ලාංකේය කාන්තා යුගල කණ්ඩායම් පරාජය වීමත් කැපී පෙණුනා.


මිශ්‍ර යුගල තරගවලදී ශ්‍රී ලංකාවේ මිශ්‍ර යුගල කණ්ඩායම් දෙකක් පමණක් ඊයේ ඉදරියට පැමිණි අතර එම කණ්ඩායම් දෙකටම නිතරඟ ජයග්‍රහණ හිමි වුණේ ඉන්දීය ක්‍රීඩිකාවන් සහභාගි නොවුණු නිසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...