විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහන මේ වනවිට එහි 100 වැනි අදියරට ළඟා වී තිබේ.
ඒ අනුව 100 වැනි ස්මාර්ට් පන්ති කාමරය අද (16) දිනයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් බොරලැස්ගමුව මහා විද්‍යාලයට ලබාදීමට නියමිත ය.
දැයේ දූදරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව “සක්වල” සුහුරු පන්ති කාමර වැඩසටහන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහ දානපතියන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් ක්‍රියාත්මක කෙරේ.
RN