ඉන්දි­යාව සහ බංග්ලා­දේශ මිත්‍රත්වයේ හමුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර අනා­ගත සහ­යෝ­ගි­තාව වර්ධ­නය කර­ගැ­නීමේ අර­මු­ණින්, බංග්ලා­දේ­ශයේ නව විදේශ ඇමැ­ති­ව­රයා ලෙස පත් කළ ආචාර්ය හසන් මහ්මූද් පළ­මු­ව­රට ඉන්දි­යාවේ සංචා­ර­යක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලා­දේශ මාධ්‍ය වාර්තා කළේ, එහිදී ඉන්දි­යාව සමඟ පැරැණි මිත්‍ර­ත්වය නැවත ගොඩ­නඟා ගැනීමේ ද සංචා­රයේ අර­මු­ණක් වූ බවයි.

සිය සංචා­රය අත­ර­තුර ආචාර්ය හසන් මහ්මුද් ඉන්දීය විදේශ ඇමැති එස්. ජයි­ශං­කර් සමඟ ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­ව­කට පසු­ගි­යදා එක් වූ බවත්, ඉන්දි­යාව සහ බංග්ලා­දේ­ශය අතර මෑත කාලයේ සිදු වූ වෙළෙඳ, ආර්ථික සහ බල­ශක්ති සහ­යෝ­ගි­තාව විමසා බැලී­මට සහ අනා­ගත සැල­සුම් පිළි­බඳ සාකච්ඡා කිරී­මට වැඩි අව­ධා­නය යොමු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර බංග්ලා­දේ­ශයේ තොර­තුරු ඇම­ති­ව­රයා ලෙස කට­යුතු කර ඇති ආචාර්ය හසන් මහ්මුද් 2009 වස­රේදී කෙටි කාල­සී­මා­ව­කට විදේශ ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කර ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...