මුදල් මණ්ඩලයේ හිටපු මම රට කඩන් වැටෙන බව දැක්කා.මම වින්ද දුක දන්නේ මගේ භාර්යාව විතරයි – මුදල් ලේකම්

Date:

කොළඹ LNW:වසර දෙකක කාලයක් පුර තමන් මුදල් මණ්ඩලයේ සිටියදී රට කඩන් වැටීමේ අනතුරු තමන් දුටු බවත් එය නිවැරදි කරගැනීමට තමන් මහත් සේ දුක් වින්ද බවත් ඒ විඳි දුක දන්නේ සිය භාර්යාව බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේය.

අතීතයේ මැති ඇමතිවරුන්ට සහ ජනතාවට වැරදි තොරතුරු ලබාදී රට ආර්ථික ප්‍රපාතයට ඇද දමන විට නිශ්ශබ්දව සිටි අය අද රාජ්‍ය නිලධාරීන් රටේ ඇත්ත තත්ත්වය රටට කියනවිට ඒ නිලධාරීන්ව විවේචනය කිරීම සාධාරණ නැති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඇතැමුන්ට දැන් පවතින උනන්දුව එදා පැවතුණේ නම් රටට මෙවැනි තත්ත්වයක් උද වීමට ඉඩ නොතිබුණු බවද සිරිවර්ධන මහතා සඳහන් කරන ලදී.

“මුදල් අමාත්‍යාංශය ලෙස අපේ වගකීම තමයි මුදල් අමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයා වෙත ඇත්ත දත්ත සහ තොරතුරු ලබාදීම. ඒක අපි රටේ ජනතාව වෙනුවෙන් කරන දෙයක්. මගේ විශ්වාසය තමයි අපේ රට මේ තත්ත්වයට වැටුනේ මේ තොරතුරු නොකිව්වා නිසයි කියන එක. මේ තොරතුරු මේ විදිහට කිව්ව නම් රට මේ තත්ත්වයට වැටෙන්නේ නැහැ. නිවැරදි දත්ත පාවිච්චි කරලා තත්ත්වය අවබෝධ කරගත්තනම් මේ අර්බුදය ඇතිවෙන්නේ නැහැ හෝ අර්බුදය මීට වඩා අඩුවෙන් වෙන්න තිබුණා කියලා මම හිතනවා.

දැන් මේ ගැන අහන අයගේ උනන්දුව ඒ කාලෙත් තිබුනා නම් රටට මේ තත්ත්වය නොවෙන්න ඉඩ තිබුණා. නිවැරදි දත්ත, නිවැරදි තොරතුරු අරගෙන අපේ නිලධාරීන් එක්ක ඒ දවස්වල වැඩ කළා නම් මේ රට මේ තත්ත්වයට වැටෙන්නේ නැහැ කියලා මේ සමහර අයට හිතෙන්නේ නැද්ද?
අවුරුදු දෙකක් තිස්සේ මුදල් මණ්ඩලයේ ඉද්දී මේ රට කඩන් වටෙන විත්තිය හොඳටම දැක්කා. ඒ වෙනුවෙන් මම වින්ඳ දුක දන්නේ මගේ භාර්යාව විතරයි. දැන් ඔය සමහර දෙනා අපිට විරුද්ධව විවිධ දේ කිව්වට මම නම් ඒවා ගණන් ගන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය මේ අර්බුදය සම්බන්ධයෙන් දුන්න තීන්දුවට මම හරියට ගරු කරනවා. මොකද ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත දිහා එදා බලපු නැති එකයි මට තියෙන ප්‍රශ්නය.

එදා ඒක නොකරපු අය දැන් අපි ඇත්ත දත්ත දෙනකොට අපිව විවේචනය කරනවා. අපි මේ නිවැරදි කරගෙන යන්නේ අවුරුදු පහළොවක් විස්සක් තිබුණ ප්‍රශ්නයක්. රට කඩා වැටීමත් එක්කයි මේ රටේ ආයතනවල තිබුණු ගැටලු එළියට ආවේ. මමනම් කියන්නේ අපෙන් වැරද්දක් වෙනව නම් කෙළින්ම මූණට ඇවිල්ල කියන්න කියලයි” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

මහින්ද සිරිවර්ධන මහතා මෙම අදහස් පළකළේ අද (17) මෙරට වෙළඳ මූල්‍යකරණයට ජාත්‍යන්තර ඩිජිටල් යාන්ත්‍රණයන් හඳුන්වාදීමේ සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා කාර්යාලය සංවිධානය කළ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදුකරමිනි.

මෙම සම්මන්ත්‍රණය වෙළඳ මූල්‍ය අධ්‍යාපනයේ ලොව ප්‍රමුඛයා ලෙස සැලකෙන සිංගප්පූරුවේ ICC ඇකඩමිය සහයෝගය ඇතිව සංවිධානය කර තිබුණු අතර ඊට බැංකු වෙළඳ මූල්‍යකරණය පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් ඇති අයකු සේ සලකන ටැට් යීන් යැප් (Tat Yeen Yap) මහතා ද සහභාගී විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ගැන නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්ධන මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු...

Trendy Thursday: “The Devil Wears Prada 2” හි විලාසිතා ගොන්නක්!

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...