*
Tuesday, May 20, 2025
spot_img

Latest Posts

තියුණු සටනකින් පසුව දුමිඳුට අවසාන තරගය මඟ හැරෙයි

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 17 කොළඹ (LNW): ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවත්වෙන ලීනින්ග් ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලියේ පිරිමි අවසාන තරගය තියුණු සටනකින් පසුව දුමිදු අබේවික්‍රමට අහිමි විය.ඉන්දියාවේ රාහුල් භාරද්වාජ් සමඟ පැවති අවසාන පූර්ව තරගයේදී 21 හැවිරිදි දුමිදු,තමන්ට වඩා ජාත්‍යන්තර අත්දැකීම් ඇති 24 හැවිරිදි ඉන්දියානුවාට වට දෙක තුළම විශාල තර්ජණයක් එල්ල කරන්නට සමත් විය.


කායික ශක්තියට වඩා මානසික නිරවුල්භාවයට අදාළ වන වෘත්තිමය ස්වභාවය මත තරගයේ රැදී සිටි රාහුල් දෙවන වටයේදී දුමිදුගේ ලකුණු ප්‍රමාණය 18 ක් වන තෙක්ම තරගයේ පිටුපසින් සිටියේය.අතර මැදි ඉදිරියෙන් සිටි ඉන්දියානුවාව හඹා ආ දුමිඳු ඔහු ඉක්මවා තරග වටයේ ජය පෙනී පෙනී ජයග්‍රහණය වෙනුවෙන් සූදානම් වීමේදී මානසික ඒකාග්‍රතාවය බිදි අනවශ්‍යය පහර කිහපයක්ම ඉන්දියානුවා වෙත එල්ල කරමින් ඔහුට ලකුණු ලබා ගැනීමට ඉඩ දීම නිසා තරගයේ ජය රාහුල් සතු විය.


පැයකුත් විනාඩි 5 ක කාලයක් අවසාන ප්‍රතිපලය වෙනුවෙන් ගෙවුණු තරගයේ ලකුණු තත්ත්වය වූයේ 21 – 19 ක් 23 – 21 ක් ලෙස රාහුල්ට ජය අත්විමය.අර්ධ අවසන් පූර්ව වටයේදී විරෙන්ව වට 2-1 ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි කැනඩාව නියෝජනය කරන චීන සම්භවයක් ඇති ෂියාඩොන්ග් ෂෙන්ග් අවසාන පූර්ව තරගයේදි ඉන්දියානු ක්‍රීඩක සරන් ජම්ශ්‍රී පරාජයට පත් කළේ විනාඩි 55 ක් කාලයකදී ලකුණු 21 – 16 ක් සහ 21 -18 ක් ලෙසය.


එසේම අර්ධ අවසාන පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ පිරිමි යුගල බාලපොරොත්තුවද හමාර කරන්නට එම තරග අංශයේ අංක එකට ශ්‍රේණිගතව සිටි තායිලන්ත ක්‍රීඩක යුගලය වන සිරාවිට් සුතොන් ට සහ නට්ටාපාට් ට්‍රින්කජි ට හැකි විය.එහිදී ලකුණු සටහන් වූයේ 21-19 සහ 21-13 ලෙස ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan