සජිත්ගේ මැදිහත් වීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ යුරෝපා සංගමයේ තානාපති අතර හමුවක් (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා තානාපති කාර්මන් මොරේනෝ මහත්මිය සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් අතර හමුවක් පෙරේදා (16) පැවැත්විණි.

මෙරට සිටින ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා තානාපති කාර්මන් මොරේනෝ මහත්මියව දැනුවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

මේ අවස්ථාවේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ රටේ බංකොලොත්භාවයත් සමඟ තම ව්‍යාපාර කඩා වැටුණු ආකාරයත් පරාටේ නීතිය හරහා තම ව්‍යාපාර වෙන්දේසි වන ආකාරයත් තානාපතිවරයාට සවිස්තර පැහැදිලි කිරීමක් ද සිදු කරන ලදී.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ද මෙකී අර්බුධකාරී තත්ත්වයන් මත මෙරට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් වැසී ගිය අයුරු රජයේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ තානාපති කාර්මන් මොරේනෝ මහත්මියව දැනුවත් කළේය. මෙම ව්‍යාපාරිකයන් රටේ ආර්ථිකයට සියයට 50කට වැඩි දායකත්වයක් සහ සේවා නියුක්තියට සියයට 52කට වැඩි දායකත්වයක් ලබා දෙන නිසා මොවුන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ද විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් සහ සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සහ නිරෝෂන් පෙරේරා මහතා ද එක්විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...