සාම විනිසුරු පත්වීම් සඳහා අධ්‍යාපන සුදුසුකම් අඩුකෙරේ

සාම විනිසුරු පත්වීම් සඳහා අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් අ.පො.ස. උසස් පෙළ මට්ටමේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ මට්ටම දක්වා අඩුකිරීමට අධිකරණ ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

2023 නොවැම්බර් 27 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නියම කර තිබුණේ සාමවිනිසුරු පත්වීමක් ලබාගැනීමේදී අධ්‍යාපන සුදුසුකම් ලෙස උසස් පෙළ විෂයන් 03ක් සමත්වී තිබිය යුතු බවයි.

එය යළි සංශෝධනය කරමින් 2024 පෙබරවාරි 13 වනදා ඒ මහතා විසින්ම යළි අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර සාමවිනිසුරු පත්වීමක් ලබා ගැනීමේදී අධ්‍යාපන සුදුසුකම ලෙස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර 02කට නොවැඩි ගණනකදී සම්මාන සාමාර්ථ 02ක් සහිතව විෂයන් 06ක් සමත්වී තිබිය යුතු බවයි එහි සඳහන් වන්නේ.

කෙසේවෙතත් එම සුදුසුකම නොමැති අයෙක් වුවද ප්‍රජාව වෙත ආදර්ශවත් සේවාවක් සලසා සාමවිනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට යෝග්‍ය බවට කීර්තිමත් ආගමික නායකයෙක් හෝ සමිති සභාපතිවරයෙක් යම්කිසි පුද්ගලයෙකු නිර්දේශ කරන්නේ නම් අධිකරණ අමාත්‍යවරයාට ඔහු සාමවිනිසුරුවරයෙකු බවට පත්කළ හැකි බවද නව ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...