සබරගමුවට සවස් කාලයේ වැස්ස, සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): සබරගමුව පළාතේ ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවද පැවසේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-35) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදු පැහැර හැරීම : පියුමි හංසමාලිට සහ විරංජිත් තාඹුගලට නඩු !

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි...

ට්‍රම්ප් අඩු කළ බද්ද රනිල්ට ඇති වෙද්දී සජිත්ට මදි වෙයි!

කොළඹ LNW:අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත...

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප : විදේශ ගමන් තහනමකුත් ඒ සමඟ

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW : ඉකුත් 2014 වසරේ...