යුරෝපෙ තාමත් ඩීසල් රුපියල් 552 යි, අපි තාමත් ඊට අඩුවෙන් ඩීසල් විකුණන්නෙ – රෝහිත

Date:

ඉතාලියේ අද වනවිට ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ යුරෝ 2.20 කට බවත්, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 552 ක් බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඉතාලියේ පෙට්‍රල් ලීටරයක් අලෙවි වන්නේ යුරෝ 2.22 කට බවද ඇමතිවරයා පවසනවා.

ඒ් අතින් ශ්‍රී ලංකාව තවමත් ඉතා අඩු මුදලකට ඉන්ධන අලෙවි කරන බවත්, එම අගය යුරෝපයට වඩා අඩකටත් වඩා අඩු අගයක් බවයි බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් අද පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගිවෙමින් සඳහන් කළේ.

කොවිඩ් අර්බුදයත් සමග සමස්ත ලෝකයම ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බවත් යුරෝපා රටවල මාසයක් ඇතුළත ශ්‍රී ලංකා රුපියල් 150 ක පමණ අගයකින් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ මෙතරම් අඩු මිලට ඉන්ධන ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව සතුටු විය යුතු බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...