සජිත්ගේ සහයට ජී එල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): “ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත්, අභිනව ජනාධිපතිවරයා නොවැම්බර් 17ට කලින් දිවුරුම් යුතු බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කියයි.

මෙම වසරේ නියමිත දින වකවානු තුළ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවත්, ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක් ලබා ගැනීමට නොහැකි බවට විශ්වාස කරන බවත් ඒ මහතා පවසයි.

ජනාධිපති ධූරයේ අහෝසි කර මෙම ආණ්ඩුව තව වසරකට ඉදිරියට ගෙන යනවාද යන ප්‍රශ්නය මහජනතාවගෙන් සෘජුව අසන බවත්, ජනතාව බලා සිටින්නේ ලැබුණු පළමු වරම මෙම විනාශකාරී ආණ්ඩුව පලවා හැරීමට බවත් ඔහු කියා සිටී.

ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමේ නීතිමය බලය හිමිවන්නේ මැතිවරණ කොම්ෂන් සභාවට මිස ජනාධිපති ලේකම් කාර්යාලයට නොවන බවත්, කී ඒ මහතා, ජනමත විචාරණයක ප්‍රතිඵල අභියෝගයට ලක් කිරීමට ඕනෑම පුරවැසියෙකුට අයිතිය හිමිවන බව පවසයි.

මෙම වසරේ ජූලි මස අවසානයේ හෝ අගෝස්තු මස මුලදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් බැඳී සිටින බවත්, මෙම වසරේදී ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපැවැත්වුවහොත් නොවැම්බර් 18 වෙනිදාගෙන් පසු පවතින රජය නීතිය අනුකූල නොවන බවත් එය නීති විරෝධී ආණ්ඩුවක් බවද පෙන්වා දෙයි.

ජයට විරුද්ධව නැගී එන මහජන මතය මර්ධනය කිරීම සඳහා කැරලි මර්දන උපකරණ මිලදී ගැනීමට පොලිස් මූලස්ථානය කටයුතු සැලසුම් කරමින් සිටින බවත්,ඉදිරියේදී පැවැත්වන මැතිවරණ නීත්‍යානුකූල හා සර්ව සාධාරණ අපක්ෂපාතීන් මැතිවරණ විය යුතු බව ජී එල් පීරිස් මහතාගේ අදහසයි.

ජනාධිපති ධූරය අහෝසි කිරීම සරල ක්‍රියාදාමයක් නොවන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ සෘජු ලෙස බැඳී පවතින බවත්, රටේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පෙර ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවද කියයි,

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය දක්වන බවද පැවසීය.

අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහාචාර්ය පීරිස් මහතා අදහස් ඉදිරිපත් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...