ස්ටයිල් එකට ජීවත් උනානම් ස්ටයිල් එකට මැරෙන්න ….

Date:

1978 පස්සේ ලාංකික දේශපාලනයට හඳුන්වලා දුන්න විධායක ජනාධිපතිකම කියන්නේ සියලු තනතරුවලට උඩින් තිබ්බ මහත් අනුහස් සහිත තනතුරක් කියල තමයි සලකන්නේ. ඒ නිසා ඔය තනතුරට බැරි ගැහැණියක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක් ගැහැණියක් කරන්නත් විතරයි කියල විරුදාවලියකුත් තිබ්බ.

ඒ නිසා අහෝසි කරනවා කියල පරසක්වළ ගහල ආපු කිසිම කෙනෙක් මේ තනතුර අහෝසි කලේ නැහැ. අඩුවෙන් හෝ වැඩියෙන් තියාගෙන ඉන්න හදපු එක තමයි කළේ.

දැන් ආයෙත් කණුකුනුවක් යනවා විධායක ජනාධිපතිකම අහෝසි කරන්න ඕනි කියල. හැබැයි ඒක අර හැමදාම තිබ්බ ජනතා ඉල්ලීමකට කරන දෙයකට වඩා වෙනස් හැඩයක් ගන්න බව තමයි මට නම් පේන්නේ.

මට නම් හිතෙන්නේ ඒක බලය හුවමාරුවීමේ යම් ආපතික -හදිසි -අවදානම් මොහොතක් කළමනාකරණය කරගන්න කරන වැඩක් වගේ. ඒ කියන්නේ සටනක් පරාද වෙනකොට සතුරා අතට තමන්ගේ හොඳම අවි අත්පත් වෙන්න නොදී විනාශ කරනවා වගේ වැඩක්. ඒක නිසා තමයි මහින්ද රාජපක්ෂ මේ ලඟදී කිව්වේ ”ඕක මම නම් භුක්ති වින්ද. ඒ හින්ද දැන් අහෝසි උනාට කමක් නැහැ කියල”. දැන් ඕක ඒ කණ්ඩායම් ඉන්න හැම කෙනෙක්ම කියන්න පුළුවන් දෙයක්. මෛත්‍රී, චන්ද්‍රිකා, මහින්ද, රනිල් වගේ හැම කෙනෙක්ම.

එයාල ඒකෙ රහ දැක්කා. ඒකෙ ආතල් එක ගත්ත. දැන් ඉතින් ඕනි දෙයක්. ලාංකික දේශපාලනයේ ”විෂ සහිත සාරය” උනේ විධායක ජනාධිපති ක්‍රමය (poisonous content). ජේ ආර් ළඟ, මහින්ද ළඟ, චන්ද්‍රිකා ළඟ, ප්‍රේමදාස ළඟ, අවම වශයෙන් මෛත්‍රී තුල පවා ඒ විෂ අපි දැක්කා.

විධායක ජනාධිපති ක්‍රමයේ විෂ බලය සහ වරප්‍රසාද එක්ක එයාල ස්ටයිල් එකට ජීවත් උණා. හැබැයි දැන් මැරිල යන්න හදන්නේ පරාජිත විදියට. තැන් තැන් වල හැංගි හැංගි, අඬ අඬා, බයේ.

ඇත්තටම නිර්භීත ක්‍රමය කියල මට නම් හිතෙන්නේ ”ඔව් අපි දන්නවා ඔය වෙපන් එකේ හැටි. කමක් නැහැ. වෙනත් කෙනෙක් ගත්තත් අපි බය නැහැ” වගේ එකක් මෙයාල කියයි කියල. මොකද අනික් මිනිස්සු සටන්කළේ ඒ වෙපන් එක නැතුව.

කැප්පෙටිපොළ සුද්දගේ තුවක්කු එපා කීවා….ඒක තමයි ක්‍රමය. මොනවා තිබ්බත් නැතත් සුද්ද ඉස්සරහ පොර කුජීත උණේ නැහැ.

හැබැයි දැන් රාළල එහෙම කියන්නේ නැහැ. වෙපන් විනාශ කරල පසුබහින හැඩයක් තමයි පේන්න තියෙන්නේ. මම ආසයි ඇත්තම වෙපන් සහිත විරුද්ධවාදිය එක්ක යන හටනකට. එතකොට ඒක සමුරායි මරණයක් වෙයි.

නිකොටින් නැති සිගරට් වගේ සාරය අහිමි සටනක් කියන්නේ වැඩක් නැති දෙයක්…

ස්ටයිල් එකට ජීවත් උනානම් මැරෙන්න ඕනිත් ස්ටයිල් එකට. මම ඒක ඉගෙන ගත්තේ යුකියෝ මිෂිමාගෙන්.

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...