ඇලෙක්සි නවාල්නිගේ දේහය රහසින් මිහිදන් කරන ලෙස රුසියානු බලධාරීන් තමාට බලපෑම් කරන බවට මවගෙන් චෝදනා

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගියදා සිරගතව සිටියදී අභිරහස් ලෙස මිය ගිය 47 හැවිරිදි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ දේහය රහසිගතව මිහිදන් කරන ලෙස රුසියානු බලධාරීන් තමන්ට බලපෑම් කරන බව නවාල්නිගේ මව ලියුඩ්මිලා නවල්නායා ප්‍රකාශ කර තිබේ.

ඊයේ(22)දිනයේ යූ ටියුබ් හි පළ කරන ලද වීඩියෝ පටයක අදහස් දක්වමින් ලියුඩ්මිලා නවාල්නායා කියා සිටියේ, ඇයව මෘත ශරීරාගාරයට ගෙන ගොස් බදාදා සවස නවාල්නිගේ දේහය පෙන්වූ බවත්, ඇය රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ආයාචනයක් ඉදිරිපත් කරමින් නවාල්නි ගේ දේහය ලබා දෙන ලෙස ඉල්ලු නමුත්, ඔවුන්ට අවශ්‍ය වන්නේ මෙය සමුගැනීමක් නොමැතිව රහසේ සිදු කිරීමට බවත්ය.

නවාල්නිගේ මරණ සහතිකයේ ඔහු ස්වභාවිකව මියගිය බවට සඳහන් වන මුත් ඔහුගේ සහයකයන් සහ පවුලේ අය ක්‍රෙම්ලිනය විසින් ඔහුව ඝාතනය කළ බවට චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති පුටින් තවමත් අදහස් දක්වා නොමැති අතර ක්‍රෙම්ලිනය පවසා ඇත්තේ නවාල්නිගේ මරණයට එහි කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, තත්වයන් විමර්ශනය කරන බවත්ය.

නවාල්නිගේ මරණයෙන් අනතුරුව ඔහුගේ පවුලේ අය හමුවී ශෝකය ප්‍රකාශ කළ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියාවට එරෙහිව විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් නව සම්බාදක 500ක් පැනවීමට සුදානම් බව රොයිටර් වාර්තා කර ඇති අතර මෙම මරණය සැක සහිත බවට එක්සත් රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ඩේවිඩ් කැමරන් ඇතුළු විවිධ රාජ්‍ය නායකයන් රුසියානු රජය දැඩිව විවේචනය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය