මැතිවරණයක් තියනවද නැද්ද කියලා රනිල් වික්‍රමසිංහට තීරණය කරන්න බෑ – හරිනි

Date:

මැතිවරණයක් පැවැත්වේද යන්න සම්බන්ධයෙන් සමාජය තුළ අවිනිශ්චිතභාවයක් ගොඩනැඟීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

“ජනතාව තුළත් සමාජය තුළත් අවිනිශ්චිතභාවයක් ඇතිවෙන විදිහට සංවාද ගොඩනගන්න හදන්නෙ. අපෙන් ගොඩක් දෙනෙක් අහන්නෙ මේ වෙලාවෙ මැතිවරණය තියයිද කියලා. ඒ අදහසම දාන්නෙ ආණ්ඩුවෙන්. මැතිවරණයෙක් දෙනවද නැද්ද තීරණය කරන්නෙ රනිල් වික්‍රමසිංහ වගේ. රනිල් වික්‍රමසිංහට ඒක තීරණය කරන්න බෑ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මැතිවරණයක් ක්‍රියාත්මක කිරීමේ බලය මැතිවරණ කොමිසමට තියෙන්නෙ. අවිනිශ්චිතභාවය ඇතිකරන්නෙ, හැමෝම ඉන්නෙ මැතිවරණයක් ආවාම අපි මේ වෙනස ක්‍රියාත්මක කරනවා කියන බලාපොරොත්තුව නැති කරන එකටයි”

හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...