සමනළ වැව ජලාශයේ කාන්දුව නවත්වන්න බෑ. කාන්දුව නවතන මුවාවෙන් බිස්නස් එකක් ?

දිගු කාලයක් පුරා සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව පිළිසකර කර ජල කාන්දුව නතර කල නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගලික සමාගමේ නිලධාරීන් පාර්ලිමේන්තුවේදී දැනුම් දී තිබේ.

දිගින් දිගටම ජල කාන්දුව වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඉන් කිසිදු හෝ ප්‍රතිඵලයක් ලබාගත නොහැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මෙම ජලකාන්දුව වැළක්වීමේ මුවාවෙන් යම් ව්‍යාපාරයක් අභ්‍යන්තරයෙන් ක්‍රියාත්මක වන බවද එම නිලධාරීන් කරුණු දක්වමින් පවසා ඇත.

මෙම කරුණු අනාවරණය වුයේ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු තෙල් මිලදී ගත් රටවලට සම්බාධක පැනවූ ට්‍රම්ප් රුසියානු ඩිසල් මිලදී ගැනීමට ගිවිසුමක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: රුසියාවෙන්...

ඥානසාර භූමිකාවේ නොදකින පැතිකඩ හා වහබ්වාදය

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට සිර දඬුවම් නියම වීම අද මුළු...

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...