ඩුබායිහි සිට මෙරට අපරාධයකට අනුබල දුන් 4 ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනෙකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ, එරට රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඇති වූ ගැටුමක් අතරතුරදී බවත් , ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට පත්වූ 13 දෙනාම බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය මෙහෙයවූ බවට සැක කෙරෙන කොස්ගොඩ සුජීගේ සමීපතමයින් බවට තොරතුරු අණාවරණය වී ඇති බව පැවසේ.

කොස්ගොඩ සුජී එම පිරිස මුදාගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටින බවට වැඩිදුරටත් තොරතුරු හෙළිවී ඇත.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යය තවමත් ලක් රජයට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැති බවද වාර්තා වේ.

සැකකරුවන් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙරටේ ආරක්ෂක අංශ සාකච්ඡා කරමින් සිටින බව තොරතුරු සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...