කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW):වාර්ෂික පවත්වනු ලබන කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දේව මංගල්‍යය ආරම්භ වී ඇත.

යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් උත්කර්ෂවත්ව පැවැත්වෙන කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටින බවයි වාර්තා වේ.

මෙම දේව මංගල්‍යය සඳහා වාර්ෂිකව ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් මෙන්ම ඉන්දියානු බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී වන නමුත් ,මෙවර කච්චතිව් දේව මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමතුන් සහභාගී වී නොමැති බව වාර්තා වේ.

ඒ, මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් බව තොරතුරු සඳහන් වේ.

කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් තාවකාලික ජැටි ඉදිකිරීම, පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි සහ තාවකාලික මංමාවත් සකස් කිරීම මෙන්ම විදුලිබල පහසුකම් සැපයීමට ද ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...