වොලිබෝල් රන් කුසලානේට සැරසෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 24 කොළඹ (LNW): ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා සමඟ එක්ව සංවිධානය කරන අවුරුදු 25 න් පහළ කාන්තා හා පිරිමි ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවීම මේ දිනවල සිඳුකරන අතර අයදුම් පත් භාර ගැනීමේ අවසාන දිනය මාර්තු 15 වන දා යි.


මේ තරගාවලිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ක්‍රීඩා සමාජ සඳහා අයදුම්පත් ක්‍රීඩා සමාජ අයත් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරිගෙන් හෝ වොලිබොල් සම්මේලනයෙන් ද,වොලිබෝල් සම්මේලන නිල ෆේස්බුක් ගිණුමෙන් ද ලබා ගැනීමට පහසුකම් සළසා ඇත.ඒ ඒ දිස්ත්‍රික්කවල කණ්ඩාම් වෙත නිවැරදිව සකසන ලද අයදුම්පත් එම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියාට ඉදිරිපත් කිරීමේ හැකියාව ද ඇති අතර ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, අංක 33,ටොරිංටන් පෙදෙස,කොළඹ 7 ලිපිනයටද යොමු කිරීමේ හැකියාව ඇත.


නිවැරදිව සකස් කරන ලද අයදුම් පත් ස්කෑන් කිරීමෙන් පසුව අවශ්‍යය සියලු කොන්දේසි සැපිරීමෙන් අනතුරුව පහත දක්වා ඇති විද්‍යුත් ලිපිනය හරහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් වරයා වෙත යොමු කිරීමටද පහසුකම් සළසා ඇත.
[email protected]


කණ්ඩායමක් හෝ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් සම්බන්ධයෙන් යම් චෝදනාවක් එල්ල වුවහොත්,ඒ සම්බන්ධයෙන් පරික්ෂා කර අවසාන තීරණය ගැනීමේ බලය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සතුවන අතර යම් අපැහැදිළිතාවයක් ඇතිනම් එම කරුණු නිරාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට අයත් දුරකතන අංකයට ඇමතීමේ හැකියාව ද ඇත.
දුරකතන අංකය – 0112669344


තරගාවලියේ පළමු අදියර පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර දෙවන අදියර ක්‍රියාත්මක වන්නේ ජාතික මට්ටමෙන්ය.ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වන අතර ජාතික මට්ටම සඳහා අත්දැකිම් ලබා ගැනීමට තරුණ පරපුරු වෙත ලැබෙන අනර්ඝතම අවස්ථාව හැටියට ජනාධිපති රන් කුසලාන තරගාවලියට ඇත්තේ දිගු ඉතිහාසයකි.එසේම මේ වන විටත් ජාතික මට්ටමෙන් දස්කම් දක්වන ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් ද මේ තරගාවලියට එකතු වන අතර එය ජාතික කණ්ඩායමේ මේ දක්වා දැක ඇති මුහුණු වෙනස් කරන්නට තරමේ ප්‍රබල අභියෝගයක් සහ පලදායකත්වයක් ඇති තරගාවලියක් ලෙස හැඳින්විය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...

කහවත්තේ තරුණයින් දෙදෙනෙකුට වෙඩි. එක් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කහවත්ත, යාඉන්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ...

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...