*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 108 වැනි අදියරින් පුවක්පිටිය විදුහලට ලක්ෂ 10ක ස්මාර්ට් පන්ති කාමරයක්

රටේ සියයට 40කට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවෙන් පෙළෙන බවත් ලර්න් ඒෂියා සංගණනයට අනුව දුප්පත් පිරිස ලක්ෂ 30 සිට 70 දක්වා ලක්ෂ 40කින් වැඩි වී ඇති බවත් දුප්පත්කම රටම වෙලා ගෙන ඇති මොහොතක රටක් පාලනය කරන කණ්ඩායම් ජන දුක ගැන සංවේදී නැති බවත් ජනතාවට ඇහුම්කම් නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටක් නිවැරදිව ගොඩනගන විට එහි බර වැඩිපුර යොදා ගත යුත්තේ ජන සමාජයේ පොහොසතුන් සහ උග්‍ර පොහොසතුන් වුවත් අද වන විට වැඩ කරන ජනතාව බංකොලොත්භාවයේ වැඩි බරක් උසුලන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී පවා උග්‍ර පොහොසතුන්ට බලපෑමක් නොවී වැඩ කරන ජනතාවගේ අරමුදල්වලට බලපෑම් සිදු වූ බවත් මේ රටේ නායකයන්ට ජනතාවගේ දුක කදුල අසහනය නොතේරෙන බවත් එවැනි රටකට ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අවිස්සාවේල්ල සීතාවක දකුණ පුවක්පිටිය කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 108 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට පසුගියදා (23) එක්වෙමිනි. මේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසලේ නැටුම් කණ්ඩායම සඳහා අඩුපාඩුවක්ව පැවැති ඇදුම් ආයිත්තම් ඇතුළු දෑ ලබා ගැනීම රුපියල් ලක්ෂයක මුදලක්ද ඒ අවස්ථාවේදීම පරිත්‍යාග කළේය.

පොදු ජනතාවට බාල බෙහෙත්. සුව ඇමතිට සිංගප්පූරු බෙහෙත්

රටේ පොහොසත් සුළුතරයට පවා අනාගතයක් ඇත්තේ අගතියට පත් බහුතරයක් ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා වීමෙන් පමණක් බවත් රට තුළ සීනි, ගෑස්, පොහොර, සුදුලුණු, ඉන්ධන, තෙල්, ගල්අගුරු හා බෙහෙත් ආදී වංචා සිදු වූ බවත් පොදුජනතාවට බාල බෙහෙත් ලබා දී සෞඛ්‍ය ඇමතිවරයා සිංගප්පූරුවෙන් බෙහෙත් ගෙන්වන බවත් මේ සංස්කෘතිය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සැප විදින දේශපාලනඥයාගේ ප්‍රතිරූපය වෙනස් කරනවා

සැප විදින්නා ලෙස පෙනි සිටින දේශපාලනඥයාගේ ප්‍රතිරූපය වෙනස් විය යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ එම ප්‍රතිරූප වෙනස් කරන බවත් සැප විදිනවාට වඩා ජනතාව වෙනුවෙන් කැපවෙන දේශපාලනඥයන් පිරිසක් ඇති කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාන්තා අයිතීන් ගැන කතා කරද්දි මට පෑඩ් මෑන් කිව්වා

රටේ කාන්තාවන් 52%ක් වුවත් රටේ ඇත්තේ පුරුෂ කේන්ද්‍රීය සමාජයක් බවත් මේ සමාජයේ ඒ ගැන කතා නොකරන මොහොතක 2019 ජනාධිපතිවරණයේ දී කාන්තා සනීපාරක්ෂාව යන ගැටලුව විසඳා ගැනීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට තමා පොරොන්දු වූයේ කාන්තාවන්ගේ ආයු කාලය වර්ධනය කිරීමේ අරමුණින් වුවත් තමාට පෑඩ් මෑන් යනුවෙන් අන්වර්ත නාම පටබැද රටේ විශිෂ්ට සහ ශ්‍රේෂ්ඨ යැයි හදුන්වන නළු නිළියන් මාධ්‍ය ඉදිරියේ ඇවිත් මෙයට විරුද්ධව පම්පෝරි ගැසූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරණයෙන් තමා පැරදුනු පසු 2022 රට බංකොලොත් වූ පසු තමාට පෑඩ් මෑන් යැයි අන්වර්තනාම පටබැදි නළු නිළියන් ඇමෙරිකාවේ ගෝඨාභයගේ නිවස ඉදිරියේ උද්ඝෝෂණ පැවැත් වීමට ගිය අවස්ථාවේ උද්ඝෝෂකයින්ව ඔවුන්ව එලවා දැමූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බස් මෑන්, පෑඩ් මෑන් යනුවෙන් තමන්ට අන්වර්තනාම පටබැන්දත් ස්කොට්ලන්තය සියලු කාන්තාවන්ට සනීපාරක්ෂක පහසුකම් ලබා දුන්නත් අපේ රටේ එය විහිලුවක් වී ඇති බවත් ඒ නිසා රට බංකොලොත් වූ ආකාරය සිතා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රටට ආදරේ ඇති මහජන නියෝජිතයෝ රටට අගයක් එකතු කළ යුතුයි

සක්වල, හුස්ම වැඩසටහන් විවිධ අය විවිධ ආකාරයට අර්ථකථනය කරන බවත් සැබවින්ම රටට ආදරේ මහජන නියෝජිතයකු නම් එම මහජන නියෝජිතයා ගමකට රෝහලකට පැමිණෙන විට අගයක් එකතු විය යුතු වුවත් සමහර අමනෝඥ දේශපාලනඥයන් සහ සමාජ මාධ්‍ය තුළ විහිලු කතා කියමින් රසිකයින් වර්ධනය කර ගන්නා පිරිසට එවැනි දෙයක් නොතේරෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අගමැතිගේ ගමේ පාසලටත් පරිගණක නැහැ

සජිත් ප්‍රේමදාස දන්නේ බෙදන්න විතරයි කියන දේශපාලනඥයන් අගනුවර පාසල්වල පවා හරිහමන් පහසුකම් නොමැති බවක් නොදන්නා බවත් නමට ජනාධිපති, අගමැති මැති ඇමතිකම් දැරුවාට වැඩක් නොමැති බවත් අගමැතිවරයාගේ නිවස ආසන්නයේ ඇති පාසලට පවා එකදු සුහුරු පන්ති කාමරයක් ස්මාර්ට් බෝඩ් එකක් පරිගණකයක් හෝ නොමැති බවත් එය ලබා දුන්නෙත් සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිස්ටම් චේන්ජ් කියන්නේ ගෙවල් ගිනිතියන එක නෙවෙයි

ක්‍රමයේ වෙනසක් ගැන කතා කරන පිරිසට කියන්න ඇත්තේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීම යනු ගෙවල් ගිනි තියන එක නොවන බවත් එවැනි ප්‍රචණ්ඩක්‍රියාවලට තමා ඇතුළු පිරිස විරුද්ධ බවත් ප්‍රචණ්ඩත්වය වපුරනවාට වඩා රට ගොඩනගන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ලෝකයේ සෙසු රටවල් නව තාක්ෂණය උපයෝගී කර ගෙන අධ්‍යාපන හා ඉගෙනුම් කටයුතු කළත් අප රටේ එවැනි දෙයක් සිදු නොවන නිසා දරුවන්ගේ මූලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් අවසානයේ කලා විෂය ධාරාව ප්‍රමුකව සෙසු විෂය ධාරාව තුළ විරැකියා පෝලිමක් ඇතිව තිබෙන බවත් මෙය ජාතික අපරාධයක් සහ පාපකර්මයක් බවත් නිදහස් අධ්‍යාපනය කියා සිදු කරන මේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන මේ ක්‍රමයේ වෙනස් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 108ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1075ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan